
අතිවිඩයම් සම්බන්ධව කතා කරන විට ඈඳෙන තවත් නාමයක් වන්නේ අතිඋඩයන් යන්නයි. Cryptocoryne නම් උද්භිද ගණයට අයත් ජලාශ්‍රිතව වැවෙන මෙරටට ආවේනික ශාක විශේෂ 11 ක් පමණ අතිඋඩයන් හෝ ඇතැම් විට අතිඋදයන් නමින් හඳුන්වා ඇත. මෙරට ඇතැම් වෛද්‍යවරු අතිවිඩයම් වෙනුවට මෙම අතිඋඩයන් විශේෂ භාවිතයට ගැනීම සුදුසු යැයි විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබේ. "අතිවිඩයම් සඳහා ප්‍රතිනිධියක් ලෙස අතිඋදයන් (Cryptocoryne sp.) විශේෂ භාවිතයට ගැනේ" යනුවෙන් ඖෂධීය ශාක සංග්රහයෙහි සඳහන් වන සටහන ඊට අනුබල දෙන සුලුය. එහෙත් මෙරට ජේෂ්ඨ වෛද්‍යවරුන්ට අනුව අවිඩයම් වෙනුවට අතිඋදයන් භාවිතා කිරීම කිසිසේත් නොගැලපෙන වැරදි ව්‍යවහාරයක් වන අතර ඖෂධීය ශාක සංග්රහයෙහි දක්වා ඇත්තේ එලෙස භාවිතා කිරීම සුදුසු බව නොව වරදවා භාවිතා කරන බව සඳහන් කිරීමක් පමණක් බවයි. ඔවුන්ට අනුව අතිවිඩයම් සහ අතිඋදයන් අසමාන ගුණ කර්ම සහිත ශාක විශේෂයන් ය. කෙසේ වෙතත් අතිවිඩයම් වෙනුවට නොව, දේශීය වෙදකමේ ඊට අනන්‍ය භාවිතාවන් සඳහා අතිඋදයන් යොදා ගන්නා බවට තොරතුරු දේශීය වෛද්‍යවරුන් සතුව පවතින බව දැන ගන්නට ඇත.
කුසගිනි මදිකම, නිසිලෙස මව්කිරි ස්රාවය නොවීම, වමනය, අජීර්ණ, ආහාර දිරවීමේ දෝෂ, අතීසාරය, උණ අතීසාරය, පාචනය, අර්ශස්, පණු රෝග, රත්පිත්, රක්ත ස්‍රාව, ඉදිමුම් සහිත දැවිල්ල,මලබද්ධය, ප්‍රතිශ්‍යා, ඇදුම, මුත්‍ර ආබාධ, ලිංගික දුබලතාව, උමතුබව, රක්තවාතය, කෘමි සහ සර්ප දෂ්ඨන ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් අතිවිඩයම් අල සහ මුලුත් අමතරව කොල බීජත් භාවිතා කරයි. අතිවිඩයම් සෙම සහ පිත නසන, වා පිත් සෙම් සමනය කරන ගුණ සහිත බව සඳහන්. අතිවිඩයන් මුල් සහ අල විෂ සහිත බැවින් සම්මත ක්රමයන්ට අනුව විෂ ශෝධනය කර ඖෂධ සඳහා භාවිතා කළ යුතුය. අතිවිඩයම් ශෝධනය පිණිස ගොම දියකර ගත් ජලයෙන් දෝලා යන්ත්‍රයෙන් ස්වේද දී සෝදා වියළා ගත යුතුය.
කල්ගිය අතීසාරයට අතිවිඩයම්, කෙළිඳ පොතු සමව ගෙන චූර්ණ කර දෙයි. ළදරු වටපණු රෝගයට අතිවිඩයම්, වලඟසාල් සමව ගෙන චූර්ණ කොට වරකට ග්‍රෑම් 1 ක් මී පැණියෙන් දිය යුතුය. ඇදුම රෝගයට අතිවිඩයම් සුවඳ කොට්ටම් චූර්ණය වරකට ග්‍රෑම් 2 ක් මෑ පැණියෙන් දීමට නියම කර ඇත.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, අන්තර්ජාලයෙන් සහ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරෙන් (සංවාදය)
සේයාරූ_ අන්තර්ජාලයෙන්
2 comments:
Looking for buyer
මට මිලදී ගැනීමට අවශ්‍යයි .හැකිනම් දුරකථන අංකය ලබා දෙන්න .
මගේ දුරකථන අංකය: 0761697759
Post a Comment