
පාචනය, අතීසාරය, දියවැඩියාව, ගෙඩි, වණ, තුවාල, ලේ ස්රාව සහිත ක්ෂත, දත් කැක්කුම ඇතුලු දන්ත රෝග, ලේ අඩුකම, පිලිස්සුම්, ක්ෂණික මෝචනය, ලිංගික දුර්වලතාවය ඇතුළු ලිංගික රෝග, අක්මා රෝග, ගර්භාෂගත රෝග, කැස්ස, ඇදුම, ස්වාසනාලිකා ප්රදාහය, ඉක්කා, අධිරුධිර පීඩනය, තුවාල, අර්ශස්, මුත්ර ආබාධ, ඇතුළු රෝග ගනනාවක් සඳහා ප්රතිකාර කිරීමට බබ්බුල ශාකයේ කොළ, පොතු, මුල්, ඇට සහ මැලියම් භාවිතා කරයි. බබ්බුල යොදා නිපදවන කල්ක, චූර්ණ, ක්වාත ආදී ඖෂධ රැසකි. බබ්බුල සෙම් හා පිත් සමනය කරන බව සඳහන්.
බබ්බුල දළු කල්කය කෂාය විධියෙන් සංස්කරණය කර අතීසාර සහ ලේ ස්රාවය සහිත ක්ෂතවලදී යෙදේ. බබ්බුල මැලියම් සූකිරි ලේහය ගලප්රදාහ නිසා හටගත් කැස්සට සූප්පු කිරීම (චූෂණය) පිණිස යෙදේ.
මුත්ර අබාධ සඳහා බබ්බුල කොළ කෂාය බෙහෙවින් ප්රතිඵලදායක ය. බබ්බුල ඇට චූර්ණය යෙදීමෙන් තුවාල, කැපුම් සහ තැලුම් ඉක්මනින් සුව වෙයි. අධික ගර්භස්රාවයන්, ගර්භාෂයේ වේදනාව සහ ඉදිමුම් ඇති විට බබ්බුල මල් සහ කොළ කෂාය දිනකට දෙවරක් පානය කිරීමෙන් ඉක්මන් සුවයක් ලැබෙයි. බබ්බුල කොළ චූර්ණය කිරි හෝ ජලය සමඟ උදෑසන පානය කිරීම ගර්භනීන්ගේ සුව තාවයට හේතු වෙයි. බබ්බුල අක්මාව උත්තේජනය කරන ගුණ සහිත වන අතර අක්මා රෝග සුවයට ඇට චූර්ණය යොදා ප්රතිකාර කරයි. පාචනය හෝ බඩ බුරුලෙන් යන විට බබ්බුල කොළ චූර්ණය කිරි සහ උක් හකුරු සමඟ ගැනීමෙන් එයින් සුවය ලැබිය හැකිය. බබ්බුල පොතු චූර්ණය හා සම ප්රමාණයක් උක් හකුරු මිශ්රකර එයින් ග්රෑම් 10 ක් දිනකට 3 වරක් ගැනීම සෙංගමාලයට ගුණය. උගුරේ ආබාධවලට බබ්බුල කොළ, පොතු සහ අරටුව යන ත්රිත්වයේ චූර්ණයෙන් සුලු ප්රමාණයකට ජලය මිශ්රකර එයින් උගුර සේදීය යුතුය. අතීතයේදී බබ්බුල දඬු දත්මැදීමට භාවිතා කර ඇත. එමඟින් දත් සහ විදුරුමස් ශාක්තිමත් වන අතර මුවට නැවුම් බවක් ලබා දෙයි. අජීර්ණය සහ බඩේ කැක්කුම ඇති විට බබ්බුල මල් චූර්ණය දෙයි. හකුරු සමඟ ගැනීමෙන් එහි කටුක රස මඟහරවා ගත හැකිය. බබ්බුල කොළ සහ පොතු යොදා නිපදවන ඖෂධ කුෂ්ඨ සහ සම වියළීමට ප්රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඇස් රතුපැහැවීම සහ ඉදිමුම් වැනි අක්ෂි රෝග සඳහා බබ්බුල කොළ කෂායකර නිවෙන්නට තබා පොරා ඇස් සේදීමට ගනී. බබ්බුල ශාක කොටස් කාම උත්තෙජක ගුණ සහිත වන අතර ශුක්රමඳ බව ඇතුළු ලිංගික දුර්වලතා සඳහා ප්රතිකාර කීරීමට යොදා ගත හැකිය. යෝනි මාර්ගය ආශ්රිත ආසාදන සඳහා කොල සහ පොතු යොදා ගනී. බබ්බුල ශාක කොටස් වර්ණක ලබා ගැනීමටත්, සබන් වර්ග නිපදවීමටත් භාවිතා කරයි.
මූලාශ්ර_ ආයුර්වේද ඖෂධ සංග්රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
2 comments:
බබ්බුල හොයාගන්න තැනක් තියේද.. ලොකු දෙයක්
ජය වේවා
Post a Comment