විශේෂයෙන් දේශීය වෙදකමේ කොඳුඇට පෙල ආබාධ සහ කැඩුම් බිඳුම් සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා ශාකයේ පොතු භාවිතා කරයි. එමෙන්ම මෙම ගෙඩි පිත අධික බව සහ කුසගිනි මදිකමට ප්‍රතිකාර කිරීමටත්, ගෙඩිවල යුෂ කණ් කැක්කුමට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. එමෙන්ම උදරාබාධ, අතීසාරයට, ආතරයිට්ස්, හන්දි ඉදිමීම ආදී රෝග සඳහා ඖෂධ තැනීමට වල් ඇඹරැල්ලා පොතු භාවිතයට ගනී. මෙම මුල් කාන්තාවන්ගේ ඔස්ප් චක්‍රය ක්‍රමවත් කිරීමට භාවිතා කළ හැකි බව සඳහන්. එමෙන්ම අතීසාරය, පාචනය, වණ, තුවාල, පිලිස්සුම්, දියවැඩියාව ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වල් ඇඹරැල්ලා ශාක කොටස් භාවිතා කළ හැකිය. වල් ඇඹරැල්ලා ප්‍රතිජීවක සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි.
වල් ඇඹරැල්ලා කොළ සලාද ලෙසත්, අමු ගෙඩි ව්‍යංජන ලෙස සකසා අහාරයට ගත හැකිය. අමු ගෙඩි කාමවර්ධණ ගුණයෙන් යුක්තය. ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඒවායෙහි සමේ රෝග සුව කිරීමේ ගුණ සහිත බව සඳහන්. ගිණි කූරු, තාවකාලික ඇසුරුම් ආදිය නිපදවීමට මෙම ශාකයේ දැව භාවිතා කරයි.
මූලාශ්‍ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන් සහ අන්තර්ජාලයෙන්
4 comments:
සාමාන්යෙන් දුර්ලභ ශාකයකි. අනවශ්‍ය අස්ථි වර්ධනයන් හා කැල්සියම් තැන්පතු දිය කිරීම සදහා වල අම්බරල්ලා පොතු තැවිල්ල යොදා ගනී.
ස්තුතියි ඔබට
මට battaramulla ළඟින් හොයාගන්න පුලුවන්ද ?
අනුරාධපුර පුත්තලම peththen hoyagnn thynwda me wal abarella
Post a Comment