ගෙඩි, වණ, පූයාවණ, ග්‍රහණි, රක්ත අතීසාර, දාහ, මූර්ජා, ශීතපිත්ත, සූතිකා රෝග, ලේ වහනය වීම්, දුර්ගන්ධ ප්‍රශ්වාස, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, වාත රෝග, ඉදිමුම්, අතීසාර, මව්කිරි අඩුවෙන් ස්‍රාවය වීම, අක්ෂි රෝග, මස්පිඩු ඇඹරීම, උලුක්කු, කැඩුම් බිඳුම්, හෘද රෝග, ප්‍රවාහිකා, දත් කැක්කුම, අභිඝාත, ගුද මාර්ගය ඉදිමීම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට හික් ශාකයේ කොළ, මුල්, පොතු, සුඹුලු, මැලියම් ආදිය භාවිතා කරයි. හික් ශක්තිකර, පූතිනාශක, ලේවහනය වීම වලක්වන, පණුවන් නසන, කුසගිනි වඩවන, අධ්මානහර, ස්තම්භක ආදී ගුණයන් සහිතයි. හික් සුඹුලු තෛලය හික් යෙදූ නිශ්පාදිත ඖෂධයකි.
වාතය නිසා හටගත් ඉදිමුම් සඳහා හික් කොළ ගම්මිරිස් සමඟ අඹරා ඉදිමුම් ස්ථානයට තබා බඳී. ඉදිමුම්, ගුද මාර්ගයේ ඉදිමුම්, පූය ඉවත් කිරීම ආදියට කොළ තම්බා බැඳිය යුතුය. අබිං විෂට හික් දළු යුෂ බීමට දෙයි. අබිං විෂට වමනය කරවීමට හික් කොළ යුෂ අවුන්ස 4 ට සියඹලා ඉන් අඩක් මිශ්‍රකර බීමට දෙයි. වණ සේදීමට කොළ තම්බා බැඳීම හා සුඹුලු තම්බා සේදීම සිදු කරයි. අක්ෂි රෝග සඳහා සුඹුලු යුෂ ආලේප කරයි. කල්ගතවූ වණ සඳහා සුඹුලු චූර්ණය කොහොඹ තෙලින් අනා ආලේප කළ යුතුය. මස්පිඩු ඇඹරවීම හා උලුක්කුවට තෙලෙන් තම්බාගත් හික් කොළ බඳියි. ආමවාතය (ආතරයිට්ස්) නිසා හටගත් සන්ධි ඉදිමුමට හික්කොළ ප්‍රලේපය තවරයි. අක්කාරමට හික් පොතු යුෂ ලේහ කරයි. ගෙඩි ඉහිරවීමට හික් මැලියම්, ගඩොල් කුඩු, කෝමාරික් ඉස්මෙන් අඹරා ගෑම සහ හික් මැලියම් ඇඹුල් දොඬම් ඉස්මෙන් අඹරා පත්තු දැමීම සිදු කරයි. උලුක්කුවලදී හික් පොතු, උළුහාල්, පොල් සමඟ කොටා මලවා බඳී. හික් මැලියම් පානය කිරීමෙන් මව්කිරි වැඩෙන බව සඳහන්. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මැල්ලුම්, පත්තු සෑදීම සඳහා හික් කොළ, පොතු සහ මැලියම් යොදා ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
1 comments:
දවට ශාකය පිළිබඳව හැඳින්විමක් කරන්න.
Post a Comment