හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන් ඇතුළු චර්ම රෝග, කැඩුම් බිඳුම්, සන්ධි ගත රෝග, පිලිස්සුම්, සර්ප විෂ, වාත රෝග, ඉදිමුම්, බරවා රෝගය, ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග, මලබද්ධය ආදීයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මලලබු ශාකයේ කොළ භාවිතා කරයි. මල ලබු සන්ධි මෙලෙක් කරන, ඉදිමුම් නසන, විරෙචක, වමනකාරක ආදී ගුණ සහිතයි.
කැඩුම් බිඳුම් වෙදකමේදී ඝන වූ සන්ධි මෙලෙක් කීරීමට මලලබු කොළ භාවිතා කරයි. මෙහිදී දියලබු මද හා මලලබු කොළ සමව ගෙන අමු කහ, ලුණු දමා කොටා අදාල ස්ථානයේ බැඳිය යුතුය. වාත රෝග සඳහා තෙල් සිඳීමට මල ලබු කොළ යොදා ගනී. දේශීය වෙදකමේ දී මලලබු කොළ පොල් සමඟ කොටා සිඳ ගනු ලබන මලලබු තෙල විරේක බෙහෙතක් ලෙස භාවිතා කරයි. මෙම තෙලින් පෙඟවූ පුළුන් කැබැල්ලක් නාභිය මත තැබූ පසු පහසුවෙන් බඩ විරේක වන බව සඳහන්.
විදේශීයව අක්ෂි රෝග, පණු රෝග, උදරාබාධ, ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට, ගබ්සාවන් වැලැක්වීම ඇතුළු ගර්භාෂගත රෝග, සර්ප විෂ, පිලිස්සුම් නිසා හටගත් දියපට්ටා, ගුදමාර්ගය පහත්වීම, ගෙඩි, අධික රුධිර පීඩනය, කර්ණ රෝග, කැස්ස, දත් කැක්කුම, වකුගඩු රෝග, නීරක්තිය, ඉරුවාරදය, මුත්‍ර සහ වකුගඩු රෝග, සෙංගමාලය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට මලලබු ශාක කොටස් යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍රවල සඳහන්ව ඇත. එමෙන්ම මෙම කොළ සහ පුෂ්ප මංජරිය ව්‍යංජනය ලෙස සකසා අහාරයට ගන්නා බවත්, ඉදුණු ගෙඩි රසවත් පළතුරක් බවත් ඒවායෙහි දක්වා ඇත.
විශේෂ ස්තුතිය_ සංවාදවලට අදහස් දැක්වූ විද්වතුන් ඇතුළු සැමට
0 comments:
Post a Comment