
මෑතකාලීනව දියවැඩියාව සඳහා ප්‍රත්‍යයක්ෂ ඖෂධයක් ලෙස මස්බැද්ද ශාකය වඩාත් කතාබහට ලක්විය. දියවැඩියාවට එරෙහි ගුණයන් ඇත්තේ මස්බැද්ද කොළවල බවත් ශාකයේ අනෙක් කොටස්වල එවැනි ගුණයක් නැති බවත් පර්යේෂණ මගින් තහවුරු කර ඇති බව සඳහන් වේ. දියවැඩියාවට අමතරව විශේෂයෙන් මුත්‍ර සමඟ සීනි පිටවීම, ග්‍රන්ථි ඉදිමුම්, අක්මා රෝග, ප්ලීහා රෝග, මුත්‍ර රෝග, ප්‍රතිශ්‍යා, ඇදුම, ක්ෂය රෝගය, හෘද දුර්වලතා, ආදියට ප්‍රතිකාර කිරීමේදී මස්බැද්ද ශාකයේ කොළ, මුල්, ඇට ආදිය භාවිතා කරයි.
දියවැඩියාවට සහ මුත්‍ර සමඟ සීනි පිටවීමට (මධුමේහයට) මස්බැද්ද පත්‍ර චූර්ණය යොදයි. මස්බැද්ද බීජ චූර්ණය ප්‍රතිශ්‍යා සහ ක්ෂය රෝගයට ප්‍රතිකාරයකි. ඇදුම රෝගය සඳහා වියළාගත් මුලේ පොතු පිලිස්සූ දුම ආග්‍රහණය කිරීම සහ උණට කොළ කෂාය දීම සිදු කරයි. මුලේ පොතු අක්ෂි රෝග සඳහා ද භාවිතා කරයි. එමෙන්ම ගෙඩි ඉහිරීමට මස්බැද්ද කොළ පොතු, ගඳපාන කොළ, කහ, ලුණු දමා කොටා මලවා බැඳීම සහ ලුණුවරණ කොළ පොතු සහ මස්බැද්ද කොළ පොතු කහ, ලුණු දමා කොටා මලවා බැඳීම ආදී ප්‍රතිකාර රැසක්ද අත් වෙද පොත්වල සඳහන් කර ඇත.
මස්බැද්ද කොළ සැපීමෙන් දිවෙහි රසඥතාවය යම් කාලයකට වෙනස්වී යාම මෙම ශාකය ගැන දන්නා අයගේ අත්දැකීමකි. වඳ බව නැති කරන ඖෂධ යෝග කිහිපයකට මස්බැද්ද භාවිතාකරන බව දේශීය වෛද්‍යවරු ප්‍රකාශ කරති. වැරදීමකින් බුලත් විට කන හුණු කැවුණහොත් මස්බැද්ද කොළ කිහිපයක් හපා එම යුෂ ගිලීමෙන් හුණු සම්පූර්ණයෙන් විෂ ඉවත් වන බව කියැවේ.
මස්බැද්ද කොළ සැපීමෙන් දිවෙහි රසඥතාවය යම් කාලයකට වෙනස්වී යාම මෙම ශාකය ගැන දන්නා අයගේ අත්දැකීමකි. වඳ බව නැති කරන ඖෂධ යෝග කිහිපයකට මස්බැද්ද භාවිතාකරන බව දේශීය වෛද්‍යවරු ප්‍රකාශ කරති. වැරදීමකින් බුලත් විට කන හුණු කැවුණහොත් මස්බැද්ද කොළ කිහිපයක් හපා එම යුෂ ගිලීමෙන් හුණු සම්පූර්ණයෙන් විෂ ඉවත් වන බව කියැවේ.
සහාය මහාචාර්ය පියල් මාරසිංහ මහතාට අනුව ඇතැම් ප්‍රදේශවල තුවාල, තැලුම් සහ මස්පිඩු ඉරීයාම ආදිය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා කරන මස්බැද්ද ශාකය මෙය නොවන අතර එය Mallotus repandus නම් උද්භිද නාමයෙන් හඳුන්වන වල් කැප්පෙටියා නම් ශාකයකි. එතුමාගේ අදහස වන්නේ Gymnema sylvestre ශාකයේ ශක්තිමත් කාෂ්ඨීය වැල දඩයක්කරුවන් මස් බැඳගෙන යාම සඳහා භාවිතා කළ නිසා මස්බැද්ද ලෙස හැඳින්වූ බවත් වැල් කැප්පෙටියා ශාකයේ, ශරීරයේ ඉරීගිය මාංශපේෂී යථා තත්වයට පත් කිරීමට සමත් ගුණයන් පවතින හෙයින් එය මස්බැද්ද ලෙස හඳුන්වා ඇති බවත්ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ වෙනත්