ඇට්ටෙරියා අලංකාර පඳුරක් ලෙස වැඩෙන කුඩා දේශීය ශාකයකි. දිළිසෙන සුලු කොළ පොඩිකළ විට සුවඳක් නික්මේ. අතු පහලට එල්ලා වැටෙන ස්වභාවයකි. කඳ අඳුරු සුදු පැහැයක් ගනී. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති මල් ඉතා අංකාරවත් වන අතර මිහිරි සුවඳකින් යුක්ත ය. පොකුරක මල්...
Tuesday, September 20, 2016
Monday, September 12, 2016
අශෝක / අසෝක [Ashoka / Asoka] (Saraca asoca)

පුරාණයේ වනිතාවන් අශෝක මල් නෙළා ගොතා ගෙල පැළැඳි බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. ස්ත්‍රීන්ට ප්‍රිය බැවින් අංගනප්‍රිය ලෙස ද හඳුන්වන අශෝක කාන්තා රෝග සඳහා බහුලව යොදා ගන්නා ශාකයකි. දිය රතඹල, දිය රත්මල් ආදී නම්වලින්ද හඳුන්වන අශෝක පහතරට වියළි කලාපයේ ඇළවල් ආශ්‍රිතව සුලබව දැකගත හැකි මධ්‍යම...
Monday, September 5, 2016
නියඟලා [Niyagala] (Gloriosa superba)
ලියනඟලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වනු ලබන නියඟලා ශාකය පොළවෙහි හෝ අධාරක ශාකයක් මත මීටර් 4 - 5 පමණ වර්ධනය වන බහුවාර්ෂික වැලකි. පැහැදිළි නටුවක් රහිත, කෙලවර තීවෘ වන පත්‍රයක් සෙ.මි 15 පමණ දිගට වර්ධනය වන අතර පළල සෙ.මි 5 පමණ වේ. ඇතැම් පත්‍රවල කෙලවර පහුරක් ආකාරයට නිර්මාණයවී තිබීම විශේෂත්වයකි....
Monday, August 29, 2016
නාවා [Nawa] (Sterculia balanghas)

නාවා මීටර් 20 ක් පමණ උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. සෙ.මි. 12 දක්වා දිගට වැඩෙන සරල පත්‍ර සියුම් බූවක් සහිතය. පුෂ්ප මංජරියක හටගන්නා කොළ පැහැයට හුරු මල් කුඩාය. පොකුරු වශයෙන් පිහිටන බූව සහිත ගෙඩි ළා කොළ පැහැතිය. එක් පොකුරක ගෙඩි 4-5 දැක ගත හැකි අතර මේරූ ගෙඩි තැඹිලි පාටට හුරු...
Monday, August 22, 2016
කහට [Kahata] (Careya arborea)
කහට, මීටර් 20 ක් දක්වා වර්ධනය වන, නියඟයට හොඳින් ඔරොත්තු දෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. රළු, ඉතා ඝණකම් පොත්ත අළු දුඹුරු පැහැතිය. තරමක් විශාල සරල පත්‍රයක් සෙ.මි 30 දක්වා වර්ධනය වේ. අඳුරු කොළ පැහැති පත්‍ර තලය දිළිසන සුලු ය. පොකුරු වශයෙන් හට ගන්නා විශාල මල් අලංකාරවත් ය. මල් පිපෙන...
Monday, August 15, 2016
මස්බැද්ද [Masbedda] (Gymnema sylvestre)

ප්‍රාදේශීයව මස්බැද්ද යනුවෙන් හඳුන්වනු ලබන ශාක විශේෂ කීපයක් ඇතත් Gymnema sylvestre ශාකය ප්‍රධාන වශයෙන් මස්බැද්ද ලෙස සලකා ඔසු පිණිස භාවිතා කරයි. මෙය ආධාරක ශාකයක් මත වැඩෙන කාෂ්ඨීය වැලකි. පත්‍ර ඇතුළුව වැලෙහි බොහෝ කොටස් ද, විශේෂයෙන් ළපටි ශාඛා ද බූව සහිතය. සරල ඒකාන්තර පත්‍ර පුළුල්...
Monday, August 8, 2016
කොබෝලීල [Koboleela] (Bauhinia sp.)
රතු කොබෝලීල (Bauhinia purpurea)
සුදු කොබෝලීල (Bauhinia acuminata)
කහ පෙතන් (Bauhinia tomentosa)
බෞද්ධ සූත්‍ර පිටකයෙහි ඇතැම් අවස්ථාවල පරසතු යනුවෙන් හඳුන්වා ඇත්තේ ද කොබෝලීල ශාකය යි. "ඔබ රමණීය සිත්කලු පරසතු නම්වූ කොබොලීල මල් රැගෙන ගී ගයමින් දිව මල්දම්...
Monday, August 1, 2016
මාංශභක්ෂක ශාකවල ඖෂධීය භාවිතාවන්

කඳුලැස්ස
ඇතැම් ශාක ස්වභාදහමින් උරුම වී ඇති විශේෂ උපක්‍රම භවිතා කර තම පොෂණ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම සඳහා සතුන් ගොදුරු කර ගන්නා අතර එවැනි ශාක විශේෂ මාංශභක්ෂක ශාක ලෙස හඳුන්වයි. ලෝකයේ ඇතැම් වනාන්තර තුල එලෙස විශාල ක්ෂීරපායී සතුන් පවා ග්‍රහණය කර ගත හැකි ශාක විශේෂ ඇති බව හඳුනාගෙන...
Monday, July 25, 2016
දවුල් කුරුඳු / කුඩුදවුලා [Kudu Daula / Daul Kurundu] (Cinnamomum cassia)

කුඩුදවුලා සෘජු කඳක් සහිතව වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. සුලබව හමුවන්නේ පහතරට තෙත් කලාපයේ ය. පත්‍ර ලංසාකාර වන අතර සර්පිලාකාරව පිහිටයි. පත්‍ර අග්‍රය අති තීව්‍ර වේ. නම්‍යශීලී දළු රීදී පැහැති බූවකින් යුක්තය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් කහ කොළ පැහැතිය වන අතර සුවඳවත්...
Monday, July 18, 2016
බදුල්ල [Badulla] (Semecarpus sp.)

Semecarpus නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 12ක් ශ්‍රි ලංකාවෙන් වාර්ථා වී ඇති අතර ඒ සියල්ල අප රටට ආවේණික වේ. එ් අතරින් Semecarpus acuminata සහ Semecarpus walkeri බදුල්ල ලෙසත්, Semecarpus coriacea හම් බදුල්ල ලෙසත්, Semecarpus gardneri උයන් බදුල්ල ලෙසත් Semecarpus...