කුසගිනි මදිකම, සංග්‍රහණී, අර්ශස්, පණු රෝග, හෘද රෝග, රක්ත පිත්ත, ඉදිමුම්, ඇදුම, ක්ෂය රෝගය, ගබ්සාවීම, මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, නාඩි දුර්වලතා, වාත රෝග, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, වේදනා ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට හීං නෙරෙංචි ශාකයේ ගෙඩි, ඇට සහ සම්පූර්ණ ශාකය එකවිටමත් භාවිතයට ගනී. හීං නෙරෙංචි මුත්‍රකාරක, කුසගිනි වඩවන, පණුවන් නසන, ඉදිමුම් නසන, ගැභ ආරක්ෂා කරන ආදී ගුණයන් බෝමයකින් සමන්විතයි.
හීං නෙරෙංචි ඇට කෂාය මුත්‍ර ගල්, කැස්ස, ක්ෂණික මෝචනය, ඇස් රුදාව සහ මවුකිරි වර්ධනයට ගුණදායක බව සඳහන්. හීං නෙරෙංචි ඇට හාල් සමඟ තම්බා සම්මත ක්‍රමයකට සකසා ගන්නා පානය බෙහෙවින් මුත්‍රකාරක ය. රක්තහීනතාවයට, පාචනයට, දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන රැධිර වහනයට සහ ශාක්තිජනක පානයක් ලෙස මෙම කොළ සහ ඇට තම්බා ගත් කෂාය භාවිතා කරයි. විදුරුමස් පිළිකා, මුඛය ඉදිමීම සහ දැවිල්ල, ස්‍රාව ගලන කුඩා සුදුපාට මුඛ පිළිකා සහ උගුරේ ආබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස නෙරෙංචි ඇට තැබූ වතුරින් මුඛය සේදීමට නියම කර ඇත. වකුගඩු ආබාධ, ක්ෂණික මෝචනය, මුත්‍ර සමඟ වැඩිපුර පොස්පෙට් පහවීම, ගොනෝරියා, කලක් පවතින මුත්‍රාශයේ දැවිල්ල, මුත්‍ර ගල්, අපිලිවෙලට මුත්‍ර පහවීම, මුත්‍ර අඩස්සිය, කුඩා සන්ධිවල ඇතිවන වේදනා, ලිංගික බෙලහීනතාවය, දරුප්‍රසූතියෙන් පසුව ඇති වන ගර්භාෂගත රෝග ආදියට හීං නෙරෙංචි පැළෑටිය සම්පූර්ණයෙන් තම්බා ගත් කෂාය දීම ගුණ වේ. වකුගඩු විශාල වීම (වෘක්ක වෘද්ධි) සඳහා නෙරෙංචි සහ නීරමුල්ලිය කෂාය යොදයි. ඵලය ඉවත් කරන ලද නෙරෙංචි පැළෑටියේ මැලියම් බඳු සාරය රසායන ඖෂධයක් ලෙස භාවිතා කරයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය