සර්ප විෂ, වණ නිසා හටගත් ඉදිමුම්, සන්ධිවාත, ආමවාත, කුසගිනි මදිකම, උදර වේදනා, ග්‍රහණි, කෘමි රෝග, විසූචිකා, ළදරු දන්ත රෝග, ළදරු ප්රතිශ්යාවසහ කැස්ස, වෙදනාකාරී දරු ප්‍රසූතිය, සූතිකා උණ ඇතුළු උණ රෝග, හෘද දුර්වලත්වය, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග, පිස්සු බලු විෂ, මී විෂ, මුත්‍ර අඩස්සිය ආදී රෝගාබාධ රැසක් සඳහා ප්‍රතිකාර කිරිමට සස්සඳ ශාකයේ කොළ සහ මුල් භාවිතා කරයි. සස්සඳ රුධිරය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, ඉදිමුම් නසන, ගර්භාෂය සංකොචනය කරන, මුත්‍රකාරක, ස්වේදජනක, විශබීජ නාශක ආදී ගුණයන් සහිතයි.
උණ, ආමවාත, සන්ධි ඉදිමීම ආදියට සස්සඳ මුල් චූර්ණය යොදා ප්‍රතිකාර කරයි. සුදු කබර රෝගයට මුල් චූර්ණය මී පැණියෙන් අඹරා ආලේප කරයි. ළදරු මලබද්ධයට කොළ අඹරා යටි බඩේ ගෑ යුතුය. වේදනාකාරී දරු ප්‍රසූතියෙන් පසුව ගර්භාෂය හැකිලවීම සඳහා තිප්පි සමඟ යොදා ප්‍රතිකාර කරයි. සර්ප, ගෝනුසු මී ආදී විෂ සඳහා මෙම මුල් මිරිස් සමඟ අඹරා කොළ යුෂින් පොවනු ලැබේ. මෙම මුල් කැබැල්ලක් ලඟ තබාගෙන සිටීමෙන් වසංගත රෝග අවස්ථාවන් හිදී බෝවන රෝග වැලඳීමෙන් වැලකී සිටීමට හැකි බවත්, සර්පයින් අසලට ඒ මෙන් වැලකෙන බවත් දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත.
මෙම ශාකයෙහි ප්‍රධාන ක්‍රියාකාරී රසායනික සංඝටකයක් ලෙස පවතින අරිස්ටෝලෝචික් අම්ලය (Aristolochic acid) අධිමාත්‍රාව වකුගඩු ආශ්‍රිතව අහිතකර ලෙස ක්‍රියාකරන බව අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත. පසුගිය කාලයේ ඇතමුන් එම කරුණ හුවා දක්වමින් ශ්‍රී ලංකාවේ රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා සස්සඳ හේතුවන බව කියමින් කෘෂි රසායන සමාගම් ගලවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙනු දක්නට ලැබුනි. කෙසේ වෙතත් එම රෝගය සඳහා සස්සඳ ශාකය වගකිවයුත්තෙක් නොවන බව පසුව හෙලි විය. විෂ සහිත ශාක හඳුනාගෙන ඒවා ඖෂධ සඳහා භාවිතා කරන විට සම්මත ක්රමයන්ට අනුව විෂ මරා හෝ වෙනත් ඖෂධ සමඟ සංයෝග කර විෂ ස්වභාවය දුර්වල කිරීමට දේශීය වෛද්‍යවරු පුරාණයේ සිටම දැන සිට ඇත. දේශීය ශාකයක් වන සස්සඳ චිරාත් කාලයක සිට මෙරට වෛද්‍යවරු ඖෂධ සඳහා භාවිතා කර ඇති අතර රජරට වකුගඩු රෝගය කෘෂි රසායන භාවිතය ඉහලට යෑමට සමාන්තරව දශක දෙකකට ආසන්න කාලයක සිට මෙරට ව්‍යාප්ත වන්නකි.
දේශීය සමනල් විශේෂ කිහිපයක යැපුම් ශාකයක්ද වන, අලංකාර මලක් හට ගන්නා හෙයින් විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකි ඖෂධීය සස්සඳ වැලක් ගෙමිදුලෙහි වවා ගැනීම අපහසු කටයුත්තක් නොවේ.
මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය, දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන්