
ඇතමුන් මෙම ශාකයට තරමක් සමාන සුදු මල් හට ගන්න Hymenocallis littoralis සහ Hymenocallis littoralis නම් විදේශීය විසිතුරු දෙකක් සහ රතු හෝ තුඹිලි පැහැති මල් හට ගන්නා Hippeastrum puniceum නම් විදේශීය විසිතුරු ශාකයක් වල්ලූණු ලෙස සලකා ඖෂධ සඳහා භාවිතා කරනු දැකගත හැකිය. විද්වත් මතයට අනුව එය ඵලදායී නොවන වැරදි භාවිතයකි.
ගෙඩි, අර්ශස්, කැඩුම් බිඳුම් ආදියට ප්රතිකාර කිරීම සඳහා ප්රධාන වශයෙන් වල්ලූණු ශාකයේ බල්බය හෙවත් අලය භාවිතා කරයි. අස්ථි භග්නයකදී කැඩී ඇති සියුම් ඇට කැබලි එලියට ගැනීම සඳහා වල් ලූණු අල, මුං ඇට සමග පොල් කිරෙන් අඹරා බඳියි.
මූලාශ්ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ සංවාදයක් ඇසුරින්
සේයාරූ_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයෙන්