
දේශීය මූලාශ්‍රවලට අනුව කැඩුම් බිඳුම්, ගඩු ආදිය සඳහා ප්‍රතිකාර කිරීමට ගොයිවැල් කොළ යොදා ගනී. අන්තර්ජාල මූලාශ්‍රවලට අනුව නොයෙක් රටවල තුවාල, ඇස්වල තුවාල, දත් කැක්කුම ඇතුළු මුඛ රෝග, සන්ධිප්‍රදාහය, රූමැටික් වේදනා, උගුරේ ආබාධ, වමනය, අතීසාරය, පාචනය, ප්‍රතිශ්‍යා රෝග, ලිංගික රෝග, ආදියට ප්‍රතිකාර කිරීම සඳහා ගොයිවැල් ශාකයේ දණ්ඩ, කොළ අල ආදිය යොදා ගන්නා බව සඳහන්. ගොයිවැල් ගැබ් ගැනීම වලක්වන, මුත්‍රකාරක ආදී ගුණ සහිත බව දක්වා ඇත.
ගොයිවැල් කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, අංකෙන්ද පොතු, කහ, ලුණු සමග කොටා, මලවා බැඳීමෙන් බිඳුණු අස්ථි සවිවන බව සඳහන්. මේ සඳහා ගොයි වැල් දළු, පෝටා කොළ, කොටදිඹුලා කොළ, මිදෙල්ල කොළ, කහ, ලුණු ලා කොටා මලවා බැඳීම ද සුදුසු ය. නොඑසේ නම් ගොයි වැල් දළු, පෝටා කොළ, දිවුල් කොළ, අට්ටික්කා පොතු, පොල් සමඟ කොටා මලවා බැඳිය යුතුය. ගොයිවැල් කොළ, බැලතණ, අග මුල නැති වැල්, කෑලිය කොළ සහ පොතු, කහ, ලුණු ලා කොටා මලවා බැඳීමෙන් ශරීරයෙහි ඇතිවන ගඩු සුවපත් වන බව සඳහන්.
මැලේසියානු ජාතිකයින් සෞක්‍යාරක්ෂිත පානයක් ලෙස මෙම මුල් තම්බා ගත් වතුර මි.ලි. 150 ක් බැගින් දිනකට තුන් වතාවක් පානය කරයි. මෙය එක දිගට දින තුනක් පානය කිරීම යෝග්‍ය බව දක්වා ඇත. ඇතැම් රටවල ළපටි ගොයිවැල් කොළ එළවලුවක් ලෙසත්, ඉදුණු ගෙඩි පළතුරක් ලෙසත් ආහාරයට ගනී. මැඩගස්කර් වැසියන් මෙම කොළ තේ මෙන් සාදා පානය කරයි. ගොයිවැල් කඳෙහි උක් ශාකයේ මෙන් පැණි රසැති රසායණිකයක් අංගුව ඇත.
මූලාශ්‍ර_ තල්පතේ පිළියම් සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ "ඔසුපැළ හඳුනා ගනිමු" සමූහයෙන්