ක්ෂය රෝගය, ඉක්කා, උගුරේ ඇතිවන දැවිල්ල, ස්වාසනාලිකා ප්‍රදාහය, නිව්මෝනියාව, පැපොල, වසූරිය, ඇදුම, කැස්ස, මීමැස්මොර, අක්ෂි රෝග, අක්මා රෝග, කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, පාචනය, උදරයෙහි වාතය එකතුවීම, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල්, මුත්‍ර දැවිල්ල,පණු රෝග, මුඛ දුර්ගන්ධය ආදී රෝග තත්වයන් බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කප්පරවල්ලිය ශාකයේ කොළත් ඇතැම් විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී.
කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාතය මෙම ශාක කොටස් යොදා නිපදවන ඖෂධයන්ය. උදර වේදනාවන්ට සහ අතීසාරයට කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මේස හැඳි එකක් දෙහි ඉස්ස, මී පැණි සමඟ දීම ගුණ වේ. ඇදුම සහ ක්ෂය රෝගය සඳහා කප්පරවල්ලිය පැණිය ඉතා ගුණදායක බව සඳහන් වේ. කප්පරවල්ලිය කුසගිනි වඩවන, පණුවන් නසන, වේදනා නාශක ආදී ගුණයන් රැසක් සහිතයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
3 comments:
Nam nodanna pelawala nam danagenimata heki kramayak danwannata hekida pin.
0774005235
Post a Comment