අර්ශස්, භගන්දර, ගුල්ම, ආර්ථව දෝෂ, ඉදිමුම්, ආහාර අරුචිය, කුසගිනි මදිකම, අක්මා රෝග, ප්ලීහා රෝග, පණු රෝග, කැස්ස. ඇදුම, මලබද්ධය, ඉරුවාරදය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කිඩාරම් ශාකයේ අලය භාවිතා කරයි. කිඩාරම් කුෂ්ඨ නසන, රුචිකාරක, අග්නි වර්ධක, පණුවන් නසන ආදී ගුණයන්ගෙන් යුක්ත ය. වෘහත් සිංහනාද ගුග්ගුළුව, කාඞකායන මෝදයකය, සුරුණ මොදකය, අර්ශස් ගූඨාර රසය, බහුශාල ගූඩය කිඩාරම් භාවිතා කර නිපදවන ඖෂධයන් ය.
කිඩාරම් අර්ශස් රෝගයට ඉතාම ගුණදායන බව සඳහන්. අර්ශස් අංකුරවල ඇති රුධිර නාල හැකිලවීමේ විශේෂ ගුණයක් කිඩාරම්වල සතුව පවතී. මේදස්ග්‍රන්ථි (ගෙලෙහි ග්‍රන්ථි ඉදිමීම) නම් රෝගය සඳහා කිඩාරම් අල ඉඟුරු සමඟ ඇල් දියෙන් අඹරා ගෑම සිදු කරයි. අර්බුදවලට මේරූ කිඩාරම් අල දීකිරි, ගිතෙල්, උක් හකුරු සමඟ අඹරා ආලේප කරයි. කිඩාරම් අල ගිතෙල් හෝ මී පැණි සමඟ අඹරා ආලේප කිරීමෙන් තදබල ආමවාත (ආරයිට්ස්) තත්වයේදී ඇති වන වේදනාව සමනය වෙයි. වල් කිඩාරන් කටුක, ඌෂ්ණ, කෘමීන් නසන. බඩවැලේ රුජා හා ආහාර අරුචිය නැති කරන ගුණයන් සහිත බව දක්වා ඇත. කිඩාරම්වල පවතින තීක්ෂණ, ඌෂ්ණ ගුණ නිසා ලේ කුපිත කරවන ස්වභාවයක් ඇති හෙයින් රත්පිත් හා කුෂ්ඨ රෝගවලින් පෙළෙන අයට හිතකර නොවන බව සඳහන්.
කිඩාරම් ගොබය රසවත් ව්‍යංජනයක් ලෙස පිළිලෙ කර ගත හැකිය. එය අරුචිය, සෙම, වාතය සහ අර්ශස් නසන ගුණයෙන් යුක්තයි. පාත්‍රයක හැඩය ගන්නා කිඩාරම් අලය තම්බා හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට ගත හැකිය. මෙම අල ඉන්දියානුවන්ගේ ජනප්‍රිය ආහාරයකි. අල ගැලවූ විගස භාවිතා කිරීමෙන් හා හොඳින් තම්බා නොගෙන ආහාරයට ගැනීමෙන් ආසාත්මිකතාවයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවක දෙහි ඇඹුල් හෝ සියඹුලා යුෂ වැනි ඇඹුල් සහිත දෙයක් බීමට දීම, ඇහැල මල් යුෂ බීමට දීම වැනි ප්‍රතිකාරයක් කළ යුතුය. කිඩාරම් අල තම්බා කෑමට ගැනීම ගර්භණීන්ට සුදුසු නොවන බවට ගැමියන් අතර මතයක් පවතී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
3 comments:
Excellent
Thank you
A Good description
Post a Comment