කුඩුවෙළඟ ශාකයේ ඖෂධ සඳහා භාවිතා කරන ප්‍රධාන අංගය වන්නේ ගෙඩිය වටා පිහිටන රතු පැහැති කුඩු වර්ගයයි. ඒවා "කපිලි" යනුවෙන් හඳුන්වයි. ශාකයේ ගෙඩි හැර වෙනත් කොටස්වලින් ලබා ගන්නා රතු මිශ්‍ර කහ පාට කුඩු "කපිලා" යනුවෙන් හඳුන්වන අතර එයා ගුණයෙන් හීන බව දක්වා ඇත. මෙම කුඩු මධ්‍යසාරවල දියවන අතර ජලයෙහි දිය නොවේ. මේ කපිලා ඌෂ්ණ, සෙම හා වාත සමනය කරන, පිත වඩන ඖෂධයකි. ගුල්ම රෝග, උදරාබාධ, කුෂ්ඨ, ක්ෂත, වණ, අකලට හිසකෙස් හැලීම, මුත්‍ර ගල්, පණු රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදී මෙම කුඩු මෙන්ම ශාකයේ වෙනත් කොටස්ද භාවිතයට ගනී. කුඩුවෙළඟ රුධිරය පිරිසිදු කරන, මුත්‍රගල් සිඳලන, කුෂ්ඨ නසන, වාජීකරණ ආදී ගුණයන් සහිතයි.
මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක සහ ඔසුතුරු විසිතුරු කෘති
0 comments:
Post a Comment