
ඖෂධීය වටිනාකම
මෙම ශකය ලංකාවේ පාරවල් අද්දර පාළු බිම්වල බහුලව වැවේ. ලෝකයේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල මේ ශාකය හමුවේ. සෙම්, පීනස් හා ප්‍රතිශ්‍යා ආබාධවලදී ප්‍රතිකාර වශයෙන් යෙදෙන ඖෂධ පිළියෙළ කිරීමට කොටිකන් බැබිල ගනු ලැබේ. මේ හැර ගඩු, පිළිකා, ක්ෂයරෝගය, රක්තවාතය, අධික උණ, උදරාබාධ, ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව, පැපොල, දත් කැක්කුම සහ කැඩුම් බිඳුම් ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට කොටිකන් බැබිල යොදා ගනී. මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගැනේ. තවද පත්තු, මැල්ලුම්, කෂාය හා තැවුම් පොට්ටනි හඳහා මේ ශාකයේ කොටස් භාවිතා කෙරෙයි. මෙරට වියළි පළාත්වල හමුවන තවත් කොටිකන් බැබිල විශේෂයක් වූ සීඩා රෙටූසා (Sida retusa) ශාකයෙන් හොඳ සවිමත් කෙඳි ලැබේ.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර_
සේයා රූ අනුග්‍රහය_ www.esc.nsw.gov.au lepidoptera.butterflyhouse. com.au
1 comments:
බෙහෙත් babila kiyanneth kotikan babila walatamada
Post a Comment