
කැබැල්ල විශේෂ මීටර් 15 දක්වා වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ ශාකයන් වන අතර සිහින් අතු රැසක් සහිතය. ඇතැම් විට පඳුරු වශයෙන් දක්නට ලැබේ. මෙහි පොත්ත දුඹුරු පැහැතිය. සිනිඳුය. පත්‍ර පටලමය වන අතර අණ්ඩාකාර සිට ඔවලාකාර දක්වා හැඩයන්ගෙන් පිහිටයි. පත්‍ර වියළීයාමේදී ළා කහ කොළ පාට වේ. මල් 1 සිට 4 දක්වා පොකුරු වශයෙන් පිහිටයි. ඩිම්බකෝෂය කොටස් දෙකකි. රතු දුඹුරු පැහැති ඵලය ගෝලාකාර සිට අණ්ඩාභය ය. බීජ තනි තනිව පිහිටා ඇත. ඵලය මේරීමත් සමඟ ඵලාවරණය පුපුරා බීජ පිටතට විවෘත වන අතර බීජ වටා කහ පැහැති ද්‍රව්‍යයක් පිහිටයි. මෙම ගෙඩි පළතුරක් ලෙස කෑමට ගනී. එමෙන්ම කැබැල්ල දළු ඇඹුලක් ලෙස, තෙල් දැමීමෙන් හෝ පළාවක් ලෙස ආහාරයට සකස්කර ගත හැකිය. කැබැල්ල Phyllanthaceae කුලයට අයත් ශාක විශේෂයන් ය.
ඇස් රෝග සඳහා භාවිතා කරන දේශීය බෙහෙත් වට්ටෝරු රැසක කැබැල්ල ශාක කොටස් ඇතුලත්ව ඇත. ඇස් රතු වීම, ඇසෙහි ඇති වන සුද, ඉදිමුම්, කඳුලු ඒම, දැවිල්ල, ඇස් පෙනීම අඩුකම, ඇසෙහි ඇණුනු යමක් ඉවත් කිරීමට, ඇසේ තැල්ම, නගන ආදී ඇස සම්බන්ධ රෝග අයස්ථා රැසකට කැබැල්ල යොදා ගනී. එමෙන්ම කුෂ්ට රෝග, ගඬු, අජීර්ණය, පාණ්ඩු රෝග, අතීසාරය, නියඟලා විෂ නැති කිරීමට, කැපුම් තුවාලවල ලේ නැවැත්වීමට, ගවයින්ගේ රෝග ආදී රෝග අවස්ථා බොහෝමයක් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ තැනීමේදී ද කැබැල්ල ශාකයේ කොළ, දළු, පොතු ආදිය භවිතා කරයි. කැබැල්ල දළු අැඹුලට උයා බත් සමග වැළඳීමෙන් අජීර්ණය සුව වේ. එමෙන්ම එය දියවැඩියාව සහ රුධිරයේ මේදය වැඩි අයටද ගුණදායක ය.
පිහියක් වැනි ආයුධයකින් කැපුණු පසු ලේ නැවැත්වීමට කැබැල්ල දළු තලා තුවාලය මත තැබීම සරල ප්‍රතිකාරයකි. ගඩුවලට කැබැල්ල පොතු, කැටකෑල පොතු කොටා පැණි සිඳ ආලේප කරයි. ඇස්රතට කැබැල්ල දළු උණු අළුවෙන් තම්බා කුරුම්බා ලෙලි යුෂින් අඹරා ඇස වටා ආලේප කරයි. මෙවැනි ඖෂධීය භාවිතාවන් රැසක් සහිත කැබැල්ල මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදුකරන ගුණයන්ගෙන් යුක්ත ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු කෘති
11 comments:
මෙව්වගෙ ආහාරමය වැදගත්කමත් ඉදිරිපත් කරනව නම් වටිනවා..කැබැල්ල දළු මැල්ලුම රස ආහාරයක්..
ස්තුතියි කැළුම් මතක් කරාට. මුලින්ම කැබැල්ල දළු උණු දියේ දාලා මිනිත්තු 3-4 ක් වගේ තියන්න ඔනේ කහට ගතිය ඇරෙන්න. තෙල් දානව නම් කැබැල්ල දළු දික් අතට කපාගන්න. තෙලට සුදු ළූනු ලූණු අබ ඇට කීපයක් ද දමා බැද ගෙන එයට සකසා ගත් දලු ටික දමා කංකුන් තෙල් දමා සකස් කරන ආකාරයටම සකසා ගන්න. මැල්ලුම නම් උණු දියේ දා ගත් දලු ලියල අරගෙන පොල් ලූනු හා අවශ්‍යය දේවල් දාලා මලවා ගන්න. මමත් මාතර කෙනෙකුගෙන් තමයි අහගත්තේ.
කැබැල්ල ඇඹුල_ගොරක කැබැල්ලක් සමග උණු දියේ දමා ගත් කැබෙල්ල දළු මිරිකා තරමක් කැබලි වලට කපා මැටි භාජනයකට දමා ගන්න. කහ ස්වල්පයක්, සිහින්ව ලියාගත් රතුළූණු, උබ්බලකඩ ස්වල්පයක්, බැදගත් තුනපහ, රම්ප කරපිංච , හා අබ කුඩු අවශ්‍ය පමණ මේ සියල්ල සකසා ගත් දලු ටිකට එක්කරන්න. උකුවට සාදාගත් මිටිකිරි කෝප්පයක් ඒක්කර මද ගින්නෙ පිස ගන්න. අවශ්‍ය පමණ ලුනු එක්කර ගන්න. රස අනුව අවශ්‍ය නම් දෙහි බින්දුවක් ලිපෙන් බා ගත් පසු එක්කරන්න.
මාලුවනම් ඕනිතරම් කාල තියෙනව, ගෙඩි පලතුරක් විදිහට කනව තියා දැක්කෙත් මේ පින්තූරෙන් විතරයි, ස්තූතී එයට
ඔව්. ගෙඩි පළතුරක් විදියට කනවා කියල දැනගත්තේ මේ ලිපියෙන්. ස්තුතියි.
හරිම සතුටුක් ඔබේ බ්ලොග් අඩවිය හමුවීම සහ එහි ගොඩවදින්නට හැකිවීම. ඉතාමත් වටිනා හෙල ඔසු පිළිබඳ මේ විස්තර සැපයීම ඔබට විශාල පිනක්
ස්තූතියි
කරෝල කැබැල්ල කියන්නෙත් මේවමද?
wakugadu shakthimath weemata thami apita amma uyala dunne.thamba diya hera kiridala rathulunu dalauyanna.
කැබැල්ල ගෙඩිවල ගුණ හැකි කියන්න.
මෙවැනි තොරතුරු සපයන ඔබට ගොඩක් පං
මගේ ලේ වල හිමොග්ලොබීන් වැඩි වෙනවා. මාසයකට සැරයක ලේ පරික්ෂා කර හිමොග්ලොබීන් වැඩි නම් ලේ අයින් කරන්න වෙනවා. මේ සඳහා කැබැල්ල කොළ ඇඹුලට සාදා කෑම සුදුසු බව අහන්න ලැබුන. මේ ගැන යමක් කියා දෙන්න.
ගැමියා.... යූ ටියුබ් නාලිකාවේ කැබෙල්ල ගැන විස්තරයක් ගියා. ඒක දැකලා වැඩි විස්තර හොයාගෙන එනකොට තමයි මේක සෙට් වුනේ.
Post a Comment