ක්ෂය රෝගය, ඇදුම, ගෙඩි, අභ්‍යයන්තර තුවාල, වණ, අජීර්ණ, උදරාබාධ, පණු රෝග, ප්ලීහා රෝග, වරින්වර ඇතිවන උණ, ශාරීරික දුබලතා, මුත්‍රඅඩස්සිය, සියළු ආකාරයේ විෂ, මේදෝ රෝග, අක්මා රෝග, ගුල්ම රෝග, වේදනා, කාන්තා ලිංගික ප්‍රදේශය ආශ්රිත රෝග, රක්ත දෝෂ, වාත රෝග, ආහාර අරුචිය, හිසරුදා, ඉදිමුම්, දන්ත රෝග, වකුගඩු රෝග, චර්ම රෝග ආදී විවිධ රෝගබාධ රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට තොලබෝ ශාකයේ කොළ සහ අල භාවිතා කරයි.
නියපිරිත්ත කෑවිට, සන්ධි ඉදිමුමට සහ උලුක්කුවට තොබෝ කොළ එඬරු තෙල් සමඟ අඹරා මදක් රත්කර ප්‍රලේප කරයි. කණ්කැක්කුමට මඳ ගින්නෙන් කකාරාගත් තොලබෝ කොළ ඉස්මට ලණු ස්වල්පයක් මිශ්‍රකර බිංදු 1-2 කණට දමයි. මෙම පත්‍ර තැම්බූ කෂාය කැස්සට ප්‍රතිකාරයකි. ගල් තැල්මට ප්‍රතිකාරයක් ලෙස තොලබෝ අලයක් දෙකට පලා ගෙන්දගම් කැබැල්ලක් එයට දමා උණු අළුවේ පුලුස්සා අඹරා ගෑම සිදු කරයි. අත්පා ඇඟිලි අග ඇතිවන කුඩා බිබිලි හා චර්ම රෝග ආදියට පොඩි කරන ලද පත්‍ර එඬරු තෙල් හා මිශ්‍රකර ආලේප කරයි. ග්‍රහ දෝෂ, ශාන්තිකර්ම, බලිතොවිල්, හදිහූනියම් කිරීමට සහ ඒවා කැපීමට ආදී ගුප්ත විද්‍යා කටයුතු බොහෝමයක් සඳහා ද මෙම අලය භාවිතා කරයි. තොබෝ ශාකය බුද්ධිවර්ධක, වාජීකරණ, විරේචක, බලකාරක, මුත්‍රකාරක ආදී ගුණයන් රාශියක් සහිතයි.
තවද කමතේ ගොයම් පාගන විට තොලබෝ කොළ වලල්ලක් මෙන් රවුමට හකුලා කොළය මැදින් තබනු ලබන අතර මෙය මුත්තා ලෙස හඳුන්වයි. එමෙන්ම හිසතෙල් ගෑමේ සිංහල අවුරුදු චාරිත්‍ර සඳහාත්, මඟුල් පොරුවේ අටමල සැදීමටත් යොදා ගනී. භවභෝග සම්පත් ලබාදිය හැකි සුවිශේෂි ශාකයක් ලෙස මතයක් ඇති නිසා ඇතමුන් නිවෙස අසල මෙම ශාකයක් වවා ගැනීමට උනන්දුවක් දක්වයි.
1 comments:
👌
Post a Comment