කොතුරුබැද්ද පණු රෝග සඳහා ප්රකටව භාවිතා කරන ඖෂධයකි. එමෙන්ම ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, මාන්දම්, තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට මෙම සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී. වෙත් රටවල මෙම කොළ කෂාය කැස්ස සඳහාත්, ගෙඩි සමෙහි හට ගන්නා දිලීර රෝග සඳහාත්, මුහුණේ සුදු පැහැති ලප ආදිය සඳහාත් ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්රවල සඳහන්ව ඇත. දේශීය වෙදකමේදී මීකන්පලා, කොතරුබැද්ද, මකුණුවැන්න යන නම් ගොටුකොළ වැනි වෙනත් ශාක විශේෂ සඳහා ද භාවිතා කර ඇත.
පණු රෝග සඳහා කොතුරුබැද්ද, කරාබුනැටි, ඉඟුරු තම්බාගත් වතුර සුරංවිදුර වටී හෝ ජීවානන්ද වටී වැනි ක්‍රිමි නාශක ඖෂධ සඳහා අනුපාන ලෙස යොදයි. කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගාමුල් කෂාය තිපිපිලි - වලඟසාල් චූර්ණය සමඟ දීමෙන් කලක් පැවති පණුවන් හා පණුවන්ගෙන් හට ගන්නා රෝග නැසෙන බව සඳහන්. ළදරුවන්ගේ උදරාබාධ, බඩපිපීම, පණුරෝග ආදියට කොතුරුබැද්ද, කරබුනැටි, අරළු, මුරුංගා පොතු, කුඹුරු ඇට, සුදුලූණු, වළඟසාල් කෂාය දෙයි. කොතුරුබැද්ද, කලාඳුරු, අරළු, බුලු , නෙල්ලි, දේවදාර, මුරුංගා පොතු, කුකුරුමාන් ගෙඩියේ ලෙලි, පිලමුල්, වෙනිවැල් කෂාය දීම විශේෂයෙන් පණු රෝග සඳහාත්, උණ, මාන්දම් ආදියටත් ගුණදායක බව සඳහන්.
මූලාශ්‍ර_ පණ්ඩිත ජේ.කේ. එස්. සමරසේකර මහතාගේ ද්‍රව්‍ය ගුණ විඥානය , ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment