වැල් රුක්අතන දේශීය සර්පවිෂ වෙදකම සඳහා සුලබව යොදා ගන්නා ඔසුවකි. එමෙන්ම කුසගිනි මදිකම, අරුචි, අතීසාරය, ජ්වර (උණ), ක්ෂය රෝගය, කුෂ්ට ඇතුළු සමේ රෝග, ඉදිමුම්, දැවිල්ල, තුවාල, අංශභාගය, මාන්දම, ආතරයිට්ස්, බරවා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, දඬු, කිරි ආදිය භාවිතා කරයි.
සමේ රෝග සඳහා ගුණදායක රසායන අඩංගු වැල් රුක්අත්තන පොතු කොළ හා මල් කුෂ්ට රෝග සඳහා ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලැබේ. මේවා යෙදූ කෂාය ප්‍රමේහ රෝග සඳහා ද ඉතා ගුණදායක බව පැවසේ. මුඛ දුර්ගන්ධය සහ දේහ දුර්ගන්ධය යන අවස්ථා දෙකටම මින් කදිම ආලේපන දියරයක් සාදා ගත හැකිය. මෙම ශාකයේ කොටස් අඩංගු කෂාය මගින් ශරීරය පිරිසිදු වේ. දරුවන්ගේ මාන්දම් තත්ත්ව, රිකට්සියාව නම් අස්ථි විකෘති කරවන මාන්දම සඳහා භාවිත කරන ඔසුවකි. අංශභාගයට ප්‍රතිකාර කිරීම සඳහා නටු කෂාය යොදා ගැනේ. මුලෙහි පොත්ත රූමැටික ආබාධ සඳහා කෂායවල දී ගැනේ. ආහාර අරුචිය, උණ සහ සමේ රෝග සඳහා මුලේ සාරය ඉතා ප්‍රයෝජනවත්ය. ලේ පිරිසිදු කරන අනගි ඖෂධයක් වන මෙය බරවා සෑදුන අයගේ රුධිරය පිරිසිදු කරන ඔසුවක් ලෙස දීර්ඝ කාලීන පාවිච්චියට සුදුසුය.
මූලාශ්‍ර_ Dewage Don Priyantha Kumara මහතාගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment