ගෙරි නමින් හඳුන්වන කුඩා කුහුඹු විශේෂයක් තම ගෘහය නිර්මාණය කර ගන්නා පස් වැනි ද්‍රව්‍ය ගෙරි පස් නමින් හඳුන්වා ඖෂධ පිණිස භාවිතා කරයි. කුහුඹුවන් කීවද වේයන් අයත්වන සත්ව විද්‍යාත්මක ගණයට අයත් Hospitalitermes monoceros නමින් හඳුන්වන මොවුන් මිනිස් වාසයට නොපැමිණෙන අහිංසක සත්ව කොට්ටාශයකි. කලක් මෙම සත්වයා ලංකාවට ආවේණික ලෙස සැලකුව ද එසේ නොවන බව පසුව තහවුරු කර ගෙන ඇත. මී මැස්සන් පරාග සහ තම සිරුරින් නිපදවන දෑ එකතුකර මී වදය නිර්මාණය කරන අයුරින් මොවුන් ද බාහිර පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය හා තම සිරුරේ නිපදවෙන දෑ මුසුකර තම ගෘහය නිර්මාණය කර ගනී. ගස් බෙන හෝ තල් තලාවන් ඇසුරු කරගෙන තම නිවස සාදා ගන්නා මොවුන් ඒ සඳහා අට්ටික්කා, කුඹුක් සහ නාබැද්ද යන ශාක සුලබව භාවිතා කරන බව හඳුනාගෙන ඇත. මෙහි ඇති ඡායාරූපවල දක්වා ඇත්තෙ ජම්බු ගසක බෙනයක් තුල නිර්ණය කර ඇති ගෙරි ජනපදයකි. මොවුන්ගේ දිගු පෝලිම් කැලෑබදව දැක ගත හැකි අතර ගැමියන් එම රංචු ගෙරි වැල් ලෙස හඳුන්වයි. මී මැසි ජනපදවල මෙන් මොවුන්ගේ ජනපදයක් තුල ද එක් එක් කාර්යයන් පැවරුනු පිරිසක් සිටින බවට සිත් ගන්නා සුලු තොරතුරු පවතී. රංචු පිටින් ගමන් කරන විට රංචුව මැදින් යන පිරිස වැඩ කරන පිරිස ලෙසත්. දෙපසින් ගමන් කරන පිරිස ඔවුගේ ආරක්ෂකයන් ලෙස සත්ව විද්‍යාඥයින් හඳුනා ගෙන ඇත. බෙහෙතකට යම් ස්ථානයකින් ගෙරි පස් ලබා ගැනීමේදී එහි සිටින සතුන් ආදාල ස්ථානයෙන් පිටතට ගෙන නොයාමට කාරුණික විය යුත්තේ ජනපදයෙන් පිටත මෙම සත්වයින්ට පැවත්මක් නොමැති හෙයිනි.
විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදකමේදී සන්ධානීය පත්තු සඳහා ගෙරි පස් භාවිතා කරයි. ඊට අමතරව කම්බුල් ගෙඩි, චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත්, ගුප්ත විද්‍යා කටයුතු සහ ඉනා බෙහෙත් සඳහාත් ගෙරි පස් යොදා ගන්නා බවට තොරුතුරු ඇත.
ගෙරියන් නිවසට පැමිනීම හා වාසය කරන නිවස ඇති ඉඩමට පිවිසීම අසුභ ලකුණක් බවත් ,එම ස්ථානය පාලුවට ලක්වන බවත්, ගෙරිපස් අසුභ සම්මත දේ සමග මුසු කොට නැකත් හා මන්ත්‍ර විධි සංයෝග කොට තවෙකෙකුට අයහපතක් කල හැකි බවත් විශ්වාස කෙරේ.
ස්තුතිය_ සත්ව විද්‍යාත්මක තොරතුරු ලබාදුන් Sanath Bandara Herath සොයුරාට සහ "ඔසුපැළ හඳුනාගනිමු" සමූහයේ සහෘදයින්ට.
5 comments:
මේ කනෙයියෝ නේද?
නෑ.. මිමැස්සෝ වර්ගයක් නෙමෙයි. මෙහි සඳහන් කර ඇති සත්ව විද්‍යාත්මක නාමයෙන් අ.ජා.යේ සොයා බලන්න.
"මැඩහඟු" කියලා ඔසුපැළයක් තියෙනව නේද? පුලුවන්නම් විස්තරයක් දෙන්න.
Pergularia daemia යන උද්භිද නාමයෙන් හඳුන්වන වැලට මැඩහඟු කියනවා.
මට මේ පස ලබා ගන්න විදිහක් නැද්ද
Post a Comment