ළපටි දලුව කොපුවක් වැනි උප පත්‍රයක් තුල පිහිටන හෙයින් හිරු සඳු නොදුටු දලු නමින් ද දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ ප්‍රකට බුරුල්ල ශාකය විශේෂයෙන්ම අග්නිදග්ධ හෙවත් පිළිස්සු තුවාල සුවපත් කීරීමට යොදා ගනී. බුරුල්ල මීටර් 5 දක්වා උසට පඳුරක් ආකාරයෙන් වැඩෙන දේශීය ශාකයකි. ඒකාන්තරව පිහිටන සංයුක්ත...
Monday, October 17, 2016
Monday, October 10, 2016
හීං නෙරෙංචි / ගොකටු [Heen Nerenchi / Gokatu] (Tribulus terrestris)
සෙම්බු නෙරෙංචි යනුවෙන්ද හඳුන්වනු ලබන මෙය ලෝකයේ උණුසුම් රටවල් බොහෝමයක හමුවන බිම දිගේ වැවෙන වැල් ශාකයකි. වැලක් පොළවට සමාන්තරව සෙ.මි. 60 පමණ දිගට වර්ධනය වේ. කඳේ සහ පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන් සියුම් බූවක් සහිතය. පත්‍රයක් සෙ.මි 5.5 දක්වා වර්ධනය වන අතර පත්‍රිකාවක් මි.මි....
Monday, October 3, 2016
කුඩු මිරිස්ස [Kudu Mirissa] (Toddalia asiatica)

කුඩු මිරිස්ස වියළි කළාපයේ සුලභව හමුවන කුඩා කටු සහිත කාෂ්ඨීය වැලකි. ඇතැම් විට පඳුරක් ලෙසද දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සංයුක්ත පත්‍රයක පත්‍රිකා 3ක් දරයි. ලංසාකාර හැඩයෙන් යුත් පත්‍රිකාවල යටි පැත්තෙහි සියුම් කටු පිහිටා තිබිය හැකිය. උස් බිම්වල සහ සහ පහත් බිම්වල වැවෙන කුඩු...
Monday, September 26, 2016
කරවල කැබැල්ල [Karawala Kebella] (Antidesma bunius)
දේශීයව එකම උද්භිද ගණයට අයත් කරවල කැබැල්ල යනුවෙන් හඳුන්වන ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ සහ ඖෂධ සඳහා භාවිතා කරන බවට විස්තර වන්නේ Antidesma bunius නම් විශේෂයයි. රතු දත්ත පොතට අනුව එය අඩු තැකීමක් දක්වන ශාකයක් ලෙස නම් කර ඇත. Antidesma puncticulatum යන උද්භිද නාමයෙන්...
Tuesday, September 20, 2016
ඇට්ටේරියා [Etteriya] (Murraya paniculata)
ඇට්ටෙරියා අලංකාර පඳුරක් ලෙස වැඩෙන කුඩා දේශීය ශාකයකි. දිළිසෙන සුලු කොළ පොඩිකළ විට සුවඳක් නික්මේ. අතු පහලට එල්ලා වැටෙන ස්වභාවයකි. කඳ අඳුරු සුදු පැහැයක් ගනී. බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති මල් ඉතා අංකාරවත් වන අතර මිහිරි සුවඳකින් යුක්ත ය. පොකුරක මල්...
Monday, September 12, 2016
අශෝක / අසෝක [Ashoka / Asoka] (Saraca asoca)

පුරාණයේ වනිතාවන් අශෝක මල් නෙළා ගොතා ගෙල පැළැඳි බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. ස්ත්‍රීන්ට ප්‍රිය බැවින් අංගනප්‍රිය ලෙස ද හඳුන්වන අශෝක කාන්තා රෝග සඳහා බහුලව යොදා ගන්නා ශාකයකි. දිය රතඹල, දිය රත්මල් ආදී නම්වලින්ද හඳුන්වන අශෝක පහතරට වියළි කලාපයේ ඇළවල් ආශ්‍රිතව සුලබව දැකගත හැකි මධ්‍යම...
Monday, September 5, 2016
නියඟලා [Niyagala] (Gloriosa superba)
ලියනඟලා යනුවෙන්ද සිංහලෙන් හඳුන්වනු ලබන නියඟලා ශාකය පොළවෙහි හෝ අධාරක ශාකයක් මත මීටර් 4 - 5 පමණ වර්ධනය වන බහුවාර්ෂික වැලකි. පැහැදිළි නටුවක් රහිත, කෙලවර තීවෘ වන පත්‍රයක් සෙ.මි 15 පමණ දිගට වර්ධනය වන අතර පළල සෙ.මි 5 පමණ වේ. ඇතැම් පත්‍රවල කෙලවර පහුරක් ආකාරයට නිර්මාණයවී තිබීම විශේෂත්වයකි....
Monday, August 29, 2016
නාවා [Nawa] (Sterculia balanghas)

නාවා මීටර් 20 ක් පමණ උසට වැඩෙන දේශීය ශාක විශේෂයකි. සෙ.මි. 12 දක්වා දිගට වැඩෙන සරල පත්‍ර සියුම් බූවක් සහිතය. පුෂ්ප මංජරියක හටගන්නා කොළ පැහැයට හුරු මල් කුඩාය. පොකුරු වශයෙන් පිහිටන බූව සහිත ගෙඩි ළා කොළ පැහැතිය. එක් පොකුරක ගෙඩි 4-5 දැක ගත හැකි අතර මේරූ ගෙඩි තැඹිලි පාටට හුරු...
Monday, August 22, 2016
කහට [Kahata] (Careya arborea)
කහට, මීටර් 20 ක් දක්වා වර්ධනය වන, නියඟයට හොඳින් ඔරොත්තු දෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. රළු, ඉතා ඝණකම් පොත්ත අළු දුඹුරු පැහැතිය. තරමක් විශාල සරල පත්‍රයක් සෙ.මි 30 දක්වා වර්ධනය වේ. අඳුරු කොළ පැහැති පත්‍ර තලය දිළිසන සුලු ය. පොකුරු වශයෙන් හට ගන්නා විශාල මල් අලංකාරවත් ය. මල් පිපෙන...
Monday, August 15, 2016
මස්බැද්ද [Masbedda] (Gymnema sylvestre)

ප්‍රාදේශීයව මස්බැද්ද යනුවෙන් හඳුන්වනු ලබන ශාක විශේෂ කීපයක් ඇතත් Gymnema sylvestre ශාකය ප්‍රධාන වශයෙන් මස්බැද්ද ලෙස සලකා ඔසු පිණිස භාවිතා කරයි. මෙය ආධාරක ශාකයක් මත වැඩෙන කාෂ්ඨීය වැලකි. පත්‍ර ඇතුළුව වැලෙහි බොහෝ කොටස් ද, විශේෂයෙන් ළපටි ශාඛා ද බූව සහිතය. සරල ඒකාන්තර පත්‍ර පුළුල්...