දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Thursday, September 18, 2014

කෝමාරිකා (Alove vera)

මෙය ඉතා ප්‍රකට ඖෂධයක් වන අතර අඩි 1-2 අතර උසට වැඩෙන ශාකයකි. එහි පත්‍ර නිර්වෘන්තකය. ඒවා සෙව්වන්දියක හැඩයට පිහිටා ඇත. පත්‍ර ඉතාම මාංසලය. සාමාන්‍යයෙන් සෙ.මි. 38 පමණ දිගය. පත්‍රයක් සෙ.මි. 7 1/2 පමණ පළලය. මි.මි. 19 ක් පමණ ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා පත්‍ර ක්‍රමයෙන් පටුවී යයි....
Share:

Monday, September 15, 2014

කොතලහිඹුටු [Kotalahibutu] (Salacia reticulata)

කොතලකෙමිය යනුවෙන්ද හඳුන්වන කොතලහිඹුටු පඳුරක් ලෙස වැවෙන දැඩි කඳක් සහිත කාෂ්ඨීය වැලකි. කඳ අළු පැහැයට හුරු සුදු පැහැතිය. ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර හැඩයක් සහිත පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 12 ක් සහ පළල සෙ.මි. 5.5 ක් දක්වා වර්ධනය වේ.පත්‍රයේ උඩ පෘෂ්ඨය දිලිසෙන ස්වභාවයක්...
Share:

Friday, September 12, 2014

කොල්ලු (Dolichos biflorus)

මෙය වාර්ෂික ශාකයකි. තරමක් සෘජු අඩි 2-3 අතර උසැති කඳක් ඇත. ඇතැම් විට එය ආධාරකයක් මත එතී ඉහළට නගී. ශාකයේ පත්‍ර පක්ෂවත්ය. ත්‍රිපත්‍රීය. පත්‍රිකා සෙ.මි. 5 ක් පමණ දිගය. ආයතය. පත්‍ර කක්ෂවල පත්‍ර 1 ක් 2 ක් හෝ 3 ක් ඇත. නිපත්‍ර ලන්සාකාරය. පුෂ්ප මනිය ම්.මි. 5 ක් පමණ දිගැතිය. පරාගධානි...
Share:

Saturday, September 6, 2014

කූරතම්පලා [Kuratampala] (Amaranthus viridis)

ගැමි වහරේ කූර කොළ යනුවෙන් ද, දේශීය වෙදකමේදී සුලුකූර යනුවෙන් ද  හඳුන්වන  කූරතම්පලා සෙ.මි. 60 පමණ උසට සෘජු කඳක් සහිතව හෝ මුලින් අතු බෙදීගිය පඳුරක් ආකාරයට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට මීටර් 1 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. තරමක් මංසල කඳ රතු පැහැයට හුරු...
Share:

Wednesday, September 3, 2014

කුප්පමේනිය [Kuppameniya] (Acalypha indica)

කුප්පමේනිය මීටර් 1 1/2 - 2 පමණ උසැති කුඩා සෘජු කඳක් සහිත වාර්ෂික පැලෑටියකි. රොම්බසාකර - ප්‍රත්‍යණ්ඩාකාරය හැඬයෙන් යුත් සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. සියුම් බූවක් සහිත පත්‍රවල ඉදිරිපස පත්‍ර දාරය කරපත්‍රිකය. කොළ පැහැති මල් ඒකලිංගිකය. පුමංගී සහ ජායංගී පුෂ්ප දෙවර්ගයම එකම පැළෑටියේ...
Share:

Sunday, August 31, 2014

කුඹුරු [Kuburu] (Caesalpinia bonduc)

කුඹුරු යන්න කුවේර (කුබෙර) යන්නෙන් බිඳුණක් බවත් කුවේර යන්නෙහි සම්පූර්ණ නම කුවේරාක්ෂි බවත් යක්ෂාගෙ ඇස යන්න එයින් පැනෙන බවත් පොතපතෙහි සඳහන්. ඒ අනුව සුදු පැහැති වටකුරු කුඹුරු ඇට යක්ෂයාගෙ ඇසට සමාන කර දක්වා ඇත. කුඹුරු සිලින්ඩරාකාර කඳක් සහිත කාෂ්ඨීය වැලකි. නිවර්තන කලාපීය මුහුදුබඩ...
Share:

Thursday, August 28, 2014

කිරිබදු (Ipomoea mauritiana)

මෙය අඩි 6-7 අතර දිගට වැවෙන වැලකි. මෙහි මුල් මහත් වී (ආකන්ද) අල සෑදේ. කඳන් දිගය, ශක්තිමත්ය, සිනිඳුය. කිසියම් ආධාරකයක් වටේ එතී ඉහල නගී. පත්‍ර අඟල් 4-6 පමණ දිගය. පත්‍ර තලය කොටස් 5-7 අතර සංඛාවකට පාණිවත්ව බෙදී ඇත. පත්‍ර නටුව පත්‍රය තරම් දිගය. පුෂ්ප ලොකුය. ළා දම් පාටය. පුෂ්ප පිපෙන්නේ...
Share:

Monday, August 25, 2014

කැකිරි

හීන් කැකිරි (Melothria maderaspatana) කවුඩු කැකිරි (Solena amplexicaulis) කොමඩු කැකිරි (Citrullus lanatus) යටකී ප්‍රධාන විශේෂවලට හේන් කැකිරි, ගොන් කැකිරි හා කෙම් කැකිරි යනාදී තවත් වර්ග ඇතුළත්ය. කැකිරි ආධාරකයක් දිගේ උඩට නගින හෝ බිම දිගේ දුවන අඩි 8-10 ක් පමණ දිග වාර්ෂික...
Share:

Tuesday, August 19, 2014

හාතවාරිය [Hatawariya] (Asparagus racemosus)

හාතාවාරිය තරමක් අතු බෙදුණු කොළ පැහැති කඳක් සහිත පඳුරු ආකාර වැලකි. මීටර් 2 ක් දක්වා දිගට වැඩෙන වැලෙහි සහ අතුවල කටු පිහිටා තිබේ. කුඩා ගස් මත දක්ෂිණාවර්තව එතෙමින් ඉහලට වර්ධනය වේ. හාතාවාරිය වැල භූගත කඳක් සහිත වන අතර එයින් හට ගන්නා ආකන්දීය මුල් ආහාර තැන්පත් වීමෙන් මහත්වී අල පොකුරක්...
Share:

Saturday, August 16, 2014

යක්බේරිය / නිල් අඬනහිරිය [Yakberiya / Nil Adanahiriya] (Crotalaria verrucosa)

පැළෑටි වර්ග සියල්ල විනාශ වී ගිය කාලයකදී මෙම පැළෑටිය පමණක් ඉතිරිවූ බවත් යකාගෙන් බේරුණු ගස නිසා යක්බේරිය නමින් ව්‍යවහාර වූ බවත් ජනප්‍රවාදයේ එයි. වියැළුණු කරල සෙලවෙන විට නිකුත්වන ශබ්දය නිසා එහි ගුප්ත බන තවත් වැඩි වෙයි. යක්බේරිය මීටර් 1 ක් පමණ උස්ව වැඩෙන වාර්ෂික ශාකයකි. කඳ...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support