
අඬනහිරිය පැළෑටිය කැඩුම් බිඳුම් චිකිත්සාවෙහිදී මෙන්ම අංජන (අඳුන්) සෑදීම සඳහා ද උපයෝගී කර ගනී. අස්ථි භග්න නිසා ඇති වන ඉදිමුම් හා කල්ගත සන්ධි ඉදිමුම් අවස්ථාවන්ට යක්බේරිය, යකවනස්ස, ඔලිඳ කොළ සහ අමුකහ සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට සහිඳ ලුණු කලං 6 ක් දමා කකාරා ගෑමෙන් සුවය ලැබේ. සර්ප දෂඨනයකදී ඇති වන දණ හිස් ඉදිමුම් සඳහා පත්තු මැල්ලුම් වශයෙන් යොදයි. එමෙන්ම කැස්ස, චර්ම රෝග, මුඛ රෝග, ඇදුම, හෘද රෝග ආදිය සඳහාද භවිතා කරන බව සඳහන්. සර්වවිෂාදී තෛලය හා විෂ කුමාර තෛලය සෑදීම සඳහා යක්බේරිය යොදා ගනී. අතු නො බෙදුණ යක්බේරිය පැළෑටිය අඹරා අඳුන් පිළියෙළ කර වෂී ගුරුකම් සඳහා යොදා ගන්නා බවත්, උතුරට ගිය යක්බේරිය මුලක් ගෙන නියමිත මන්ත්‍රයෙන් ජීවම්කර මුදුවක් තනා අතේ අැඟිල්ලක පැළැදීමෙන් යක්ෂ, භූත, ප්‍රේත උපද්‍රව හා කොඩිවින නැති වන බවත් පැරණි පොත්වල සඳහන් වේ. යක්බේරිය ගව වෙදකමේදී ද බහුලව යොදා ගන්නා ශාකයකි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
සේයාරූ_ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment