
කොහිල ප්‍රභේද කීපයක්ක දැකිය හැකිය.
කිරි කොහිල - පිටි සහිත අලවලින් යුක්තය. හොදින් තැම්බේ. බහුලව ඇත්තේ මෙම වර්ගයයි.
ගුරු කොහිල - අල විශාලය. පිටි ගතියෙන් අඩුය.
වැල් කොහිල - ගස් ගල් ආදියෙහි බැදී වැඩෙන වැල් වර්ගයකි. ආහාර ලෙස ගනුයේ මෙහි පත්‍රයි.
කළු කොහිල - මෙහි අල අනෙක් වර්ග වලට වඩා විශාලය. ඉතා දුර්ලභ ඖෂධ පැලෑටියකි. කොළ මතුපිට, දලු හා අලවල තද කළු කොළ පැහැයක් ඇත. මෙය තෙල් බෙහෙත් සඳහා ඖෂධයක් ලෙස භාවිතා වන අතර නින්ද අඩු අවස්ථාවලදී නිද්‍රාජනක ඖෂධයක් ලෙස භාවිතා කල හැකිය.
රට කොහිල - කොළ හා අල ලොකු වර්ගයකි.
සිංහල කොහිල - අල සිහින්, දිගටි, කොළ වඩා උස නොයන වර්ගයකි.
ගොඩ කොහිල - මෙම ප්‍රභේදය පණු අල නමින්ද හැඳින්වේ. ගොඩ කොහිල ක්‍රිමිඝ්නයි. මේ නිසා කුෂ්ට ආදියට හිතයි. සෙම නසයි. අග්නිය වඩයි.
ඖෂධීය වටිනාකම
අර්ශස් රෝගයට විශේෂයෙන්ම ගුණදායකය. අක්මාවට හිතකරයි. ග්‍රහණි රෝග, මූල ව්‍යාාධි, රක්තාර්ශස්, රත් පිත් ආදී රෝගවලට ප්‍රත්‍යක්ෂය. කොහිල පත්‍ර උදර ශූල ප්‍රතිකාරය සඳහා භාවිත වේ. කොහිල අල හා දලුවල ඇති අධික කෙඳි ප්‍රමාණය නිසා මල පිටවීම ඉතා පහසු කරයි. එසෙම අන්ත්‍රවල රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ නිසා අජීර්ණ අතීසාර ප්‍රතිකාරයේදී යොදා ගැනෙන අංගයකි. ආහාර රුචිය ඇති කරයි. ශුක්‍ර දාහය සමනය කරයි.
කොහිල කරටි සමග හීනටි හාල් දමා කැඳ සාදා බීමෙන් දියවැඩියාව සමනය වේ. කොහිල අල හෝ කරටි, ගොටු දඬු. අතුළුෑනු, බිංකරල්හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට දෙහි බිංදු කීපයක් දමා බීම රක්තාර්ශස් සඳහා ගුණදායකය.
මූලාශ්‍ර_ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය
(සරත් රණවීර සහ රේඛා රණවීර)
සේයාරූ_ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment