
කපුරු පක්ව කර්පුර (පැසවූ) අපක්ව කර්පුර (අමු/නොපැසවූ) යනුවෙන් දෙවර්ගයක් සේ වෛද්‍ය ශාස්ත්‍ර යේ දැක්වේ. කපුරු ශාකය කුඩා කැබලි වලට කපා වතුර වත් කොට තම්බා පෙරාගත් ජලය ශීතල වන්නට තැබූ කල කිරි යොදය මෙන් එහි මතුපිට කපුරු හට ගනී. මෙසේ තනාගත් කපුරු පක්ව කර්පූර නම් වේ. කපුරු ශාකයේ කඳ පැළී වැගිරෙන ලාටු විශේෂය අපක්ව හෙවත් අමු කපුරු නම් වේ. මේ දෙවර්ගයෙන් අමු කපුරු වඩා ගුණ බව ආයුර්වේද මතයයි. මේ දෙවර්ගය හැර සංස්කෘත ග්‍රන්ථවල “පෝතාස“ “හීමසේන“ “සුගන්ධ කර්පුර“ හා “රස කර්පුර“ ආදී කපුරු ප්‍රභේද කීපයක් ගැන සඳහන් වේ.
කපුරු තිත්තය, ඌෂ්ණය, පැසවීමේදී සිසිල් ගුණය දෙයි. සුවඳය, ඇසට හිතය, නින්ද කැඳවයි. සෙම්, පිත්ත, මේදය, ඉදිමුම්, විෂ, මුත්‍ර අඩස්සිය හා ශුක්‍ර දෝෂ සමනය කරයි. මුඛයේ අමිරස සහ දුගඳ දුරලයි.
කපුරු තෙල් කටුකය, ඌෂ්ණය, සෙම් පහ කරයි, වාත රෝග, දැඩි රුජා සහ පිත් නසයි. චීන දේශයෙන් ලැබෙන කපුරු වඩාත් කටුකය, තිත්තය, ඌෂ්ණය, ස්වල්ප වශයෙන් ශීත ගුණ ඇත. සෙම් දෝෂ සහ උගුරේ දේෂ පහ කරයි. මල බුරුල් කරයි. කෘමීන් නසයි. අවි ආයුධවලින් තුවාල ලද විට කපුරුවලින් ප්‍රතිකාර කෙරේ. කණේ සහ ඇසේ ආබාධ ආදියට කෙරෙන ප්‍රතිකාරවලදීත් විවිධ තෙල් බෙහෙත් සාදන විටදීත් කපුරු යොදනු ලැබේ.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්
1 comments:
මෙම ශාකය ව්‍යප්ත කිරීමට වර්ධක ප්‍රචාරණ යොදා ගන්නේද...එසේනම් ඒ කුමන ක්රමයද?
Post a Comment