
ඖෂධීය වටිනාකම
කළුදුරු සැරය. ඌෂ්ණය. කුරුමිණි රෝග, පිත් රෝග, ඉදිමුම්, අජීර්ණ රෝග නසයි. ආහාර රුචිය ඇති කරයි. ඇසට හිතකරය. මල බැඳීම සිදුකරයි. විවිධ උණ, කුසගිනි අඩුකම හා ප්රතිෂ්යාදී රෝගයනට ප්රතිකාර කිරීමේදී කළුදුරු වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ. ඇතැම් ප්රදේශවල ක්ෂුද්රජීවීන්ගෙන් සහ කාවුන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කරගනු පිණිස රෙදි අතරට කළුදුරු ඉසිනු ලැබේ. කළුදුරු ඇටවලින් සිඳගන්නා තෙල් විවිධ රෝගයන්ට ප්රතිකාර වශයෙන් භාවිතා කෙරේ. ගම්බද පළාත්වල තැඹිලි තෙල් හා පොල් තෙල් ආදියට කළුදුරු ඇට ස්වල්පයක් දමා පරණ කොට ඒ තෙල හිසට දැමීමේ පුරුද්දක් පවතී. බොහෝ විට ඊට සැවැන්දරා මුල් ටිකක්ද එක් කිරීමෙන් තෙල්වල ගුණය හා සුවඳ වැඩි කරනු ලැබේ.
ශාක ලෝකය සහ ශ්රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි_
සරත් රණවීර සහ රේඛා රණවීර
සේයාරූ_ අන්තර්ජාලයෙන්
3 comments:
කළුදුරු ශාකය ශ්රී ලංකාවේ වැවෙන්නේ මොන ප්රදේශ වලද?
දේශීය ශාකයක් නෙමෙයි. ඖෂධ සඳහා බොහෝ විට විදේශවලින් ගේන්නෙ.
thanks
Post a Comment