කුප්පමේනිය මීටර් 1 1/2 - 2 පමණ උසැති කුඩා සෘජු කඳක් සහිත වාර්ෂික පැලෑටියකි. රොම්බසාකර - ප්‍රත්‍යණ්ඩාකාරය හැඬයෙන් යුත් සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. සියුම් බූවක් සහිත පත්‍රවල ඉදිරිපස පත්‍ර දාරය කරපත්‍රිකය. කොළ පැහැති මල් ඒකලිංගිකය. පුමංගී සහ ජායංගී පුෂ්ප දෙවර්ගයම එකම පැළෑටියේ දක්නට ලැබේ. වසර පුරා මල් හට ගනී. කුඩා ස්ඵෝටිකාවක් වූ ඵලය ලොකු නිපත්‍රයකින් වැසී පවතී. කුප්පමේනිය කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගත හැකිය. බළලාට තමාගේ ප්‍රියතම ආහාරයක් වූ කුප්පමේනීය මුලේ සුවඳ මීටර් 50 පමණ දුරකට දැනෙන බව කියැවේ. ඖෂධීය වටිනාකම් රැසකින් සමන්විත කුප්පමේනිය ශාකය Euphorbiaceae කුලයට අයත් ය.
මෟත්‍ර පද්ධතියේ රෝග, චර්ම රෝග, මලබද්ධය. ස්නායු රෝග, කැස්ස, ඇදුම, ස්වාසනාලිකා ප්‍රදාහය, උණ, දත් කැක්කුම, කණ් කැක්කුම, ඉරුවාරදය, සන්ධි ඉදිමුම්, සෙම්ගෙඩි, පණු රෝග, වාත රෝග, ළදරුවන්ගේ සෙම් රෝග, නින්ද නොයෑම, ශරීර දාහය ආදී රෝග අවස්ථා රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී කුප්පමේනිය ශාකයේ කොළ, මුල් සහ සමපූර්ණ ශාකයමත් ඔසු සඳහා භාවිත කරයි
කුඩා ළමුන්ගේ ස්වාසනාල ප්‍රදාහයේදී කුප්පමේනිය කොළ සහ මුල කෂාය කර දෙයි. විරේචනයට මුල් ඇල් දියෙන් තලා ලබා ගත් යුෂ බොන්නට දීම සිදුකරයි. කුප්පමේනිය කොළ ඇල් දියෙන් අඹරා ගත් ප්‍රලේපය යටි බඩේ ආලේප කිරීමෙන් මුත්‍ර අඩස්සිය නැවතී පහසුවෙන් මුත්‍ර පිටවීම සිදුවේ. වටපණු දද රෝගයට පත්‍ර ප්‍රලේපය පමණක් හෝ දෙහි ඇඹුලින් හෝ ආලේප කිරීමෙන් සුවය ලැබෙයි. ළමුන්ගේ මල බද්ධයට තලා ගත් පත්‍ර ප්‍රලේපය ගුදමාර්ගයට ඇතුළු කිරීමෙන් මළ පිටකිරීම පහසු වේ. කුප්පමේනිය කොළ යුෂ, දෙහි යුෂ, තලතෙල්, ලුණු සමග ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම්වලට සහනය ලැබෙයි. මෙලෙස කුප්පමේනිය භාවිතාකර යෙදිය හැකි සරල ප්‍රතිකාර රාශියකි. එමෙන්ම කුප්පමේනිය ශාකය විරේචක, වමනකාරක, මුත්‍රකාරක, නිද්‍රාකාරක ආදී ගුණයන් රැසකින් ද සමන්විතයි.
ඉතා කලාතුරකින් සමහර පුද්ගලයින් ගේ ජානගත ප්‍රශ්නයක් නිසා කුප්පමේනිය ආහාර ගැනීමෙන් පසු විෂ වීමෙන් ලේ වමනය හා මුත්‍රා සමඟ ලේ යාමෙන් බරපතල රෝගී තත්වයක් ඇති විය හැකි බවත් Isodihydronepetalactone සහ Isoiridomyrmecin නම් කුප්පමේනිය මුල් වල තිබෙන බිළාල ආකර්ෂක රසායනිකයන් දෙකක් හඳුනා ගෙන ඇති බවත් අායුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා සඳහන් කර තිබුනා.
ඉතා කලාතුරකින් සමහර පුද්ගලයින් ගේ ජානගත ප්‍රශ්නයක් නිසා කුප්පමේනිය ආහාර ගැනීමෙන් පසු විෂ වීමෙන් ලේ වමනය හා මුත්‍රා සමඟ ලේ යාමෙන් බරපතල රෝගී තත්වයක් ඇති විය හැකි බවත් Isodihydronepetalactone සහ Isoiridomyrmecin නම් කුප්පමේනිය මුල් වල තිබෙන බිළාල ආකර්ෂක රසායනිකයන් දෙකක් හඳුනා ගෙන ඇති බවත් අායුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා සඳහන් කර තිබුනා.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
12 comments:
දළු මලවල කෑවම හතියට හොදයි කියලා මම අහල තියනවා , සොයා බලන්න
ස්තුතියි ඔබේ තොරතුරට
Thank you soo much
අපි කාලා තියනවා ඒක හරිම ගුන අන්තර්ගත ඖෂධීය ආහාරයක්
ඇයි බළලුන් මේ ශාකයට මෙතරම් ප්‍රිය , එයින් උන්ට ඇති ගුණය කිමක්ද ?
Balallu kanne mulee pita potta. Mama hithana widihata badee amaaru walata thamai kanne. Habai mona ledak nathi unath dunnoth badaagena kanawa.
Kuppameniya pala karaganne kohomada ??
godak hodai digatama karagena yanna
Hama waththakama thiyanawa
Me shakaya len pataunta hoda nadda
meke nam loku waraddak karala thiyanawa. Kuppameniya kiyanne palaatiyak.. wadima unoth man hithanne adi 1.5 vithara thamayi usa. meetar 1.5k neveyi.
මෙම තොරතුරු මගේ පැවරුමට ගොඩක් උදවු උනා.
Post a Comment