උදරාබාධ, අස්වාභාවික ආන්ත්රික චලන, පාචනය, අතීසාරය, කැස්ස, උණ, දියවැඩියාව, පිලිස්සුම් තුවාල, සමේ රෝග, ලිංගික රෝග, අස්ථි භග්න, උපදංශය, පොළොන් විෂ, දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුර පිරිසිදු කිරීම ආදියට මෙම ශාකයේ කොළ, මුල්, පොතු භාවිතා කරයි. හීං තඹල ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක, වේදනා නශක, උණ නසන ගුණ සහිත බව සඳහන්.
පිළිස්සුම් තුවාල සේදීම සඳහා මෙම කොළ තැම්බූ ජලය යොදා ගනී. එය කඩුවේගන්, පණු හොරි වැනි සමේ රෝග සඳහා ද ප්‍රතිඵලදායක ප්‍රතිකාරයකි. හීං තඹල ශාකයේ කොළවල සහ මුල්වළ සාරය බහු මුත්‍ර රෝගය (දියවැඩියාව) ට ප්රත්යක්ෂ ඖෂධයක් බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි සඳහන් වේ. දියවැඩියාව සඳහා මුල් හෝ කොළ කෂාය යෙදිය හැකිය. හීංතඹල චූර්ණය කාන්තාවන්ගේ අක්‍රමවත් ඔසප් චක්‍රයට සහ වඳ භාවයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි. එයින් සුළු මාත්‍රාවක් කුඩා දරුවන්ගේ උදරාබාධ සඳහා යොදා ගත හැකි බව සඳහන්. මහ මාත්තු පහ ආදී දේශීය ගුලි වර්ග ඇඹරීම පිණිස අනුපාන වශයෙන් ද, ගුලි අනුපාන වශයෙන් ද භාවිතා කරයි. මුල් ක්වාතය එළවලු වර්ග විෂ වීම්වලදී ප්‍රතිකාර සඳහා යොදා ගනී. එය දන්ත රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස කට සේදීමට භාවිතා කළ හැකි ය. කොළ කෂාය උදර වේදනා, අතීසාරය, කැස්ස ආදියට යොදා ගනී. එය දරු ප්‍රසූතියෙන් පසු මවගේ සිරුරේ විෂබීජ නැසීමට ද යොදා ගනී. පිලිපීන රජය මෙම ශාකය පිලිබඳ පූර්ණ පරීක්ෂාවකින් පසු සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවල ගෘහ භාවිතාවන්ට සුදුසු ඔසුවක් ලෙස නිර්දේශ කර ඇත. තේවලට ආදේශකයක් ලෙස මෙම කොළ යොදා ගත හැකි අතර ඉදුනු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකි ය.
මූලාශ්‍ර_ වෛද්‍ය ශබ්ද කෝෂය, ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
2 comments:
බොහොම ස්තූතියි
Where can I buy heen thabala?
Post a Comment