
නයි විෂ නසන හෙයින් නාගමුල්ලී යනුවෙන්ද හඳුන්වන අනිත්ත මීටර් 1.25 දක්වා උසට වැඩෙන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. තරංගී දාරයක් සහිත සරල පත්‍ර රේඛීය - ලංසාකාර ය. සම්මුඛව පිහිටන පත්‍රවල දෙපසෙහිම සියුම් බූවක් දක්නට ලැබේ. සරල පුෂ්ප මංජරි කක්ෂීයව සහ අග්‍රස්ථීයව පිහිටයි. ද්වීලිංගික සුදු පැහැති මල් අලංකාරවත්ය. ඵලය සෙ.මි 2 පමණ දිග ස්ඵෝටිකාවකි. ලංකාවේ පහතරට වියළි කලාපීය වනාන්තර හා සෙවණ සහිත ජලාශ්‍රිත ප්‍රදේශවල හමු වෙයි. ගෙවත්තේ අලංකාරය සඳහා ද වවාගත හැකි අනිත්ත පැළෑටිය Acanthaceae කුලයට අයත් ය.
පණුකැවිලි, පණුලප, දද, හොරි, කඩුවේගන්, පොතුකබර හෙවත් කිටීහ රෝගය, ඉකිලි කැසීම, ගජ චර්ම, සර්ප විෂ ආදියට ප්‍රතිකාර කිරීමේදී අනිත්ත ශාකයේ කොළ, මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී.
කුෂ්ඨ රෝගවලදී මුල් සහ පත්‍ර ලේපකිරීම සිදුකරයි. එයටම මුල් ක්වාතය දෙයි. අනිත්ත මුල් සහ පත්‍ර අඹරාගත් කල්කය පණු රෝග සඳහා යොදයි. අනිත්ත මුල් සර්ප විෂ නැසීමට උපයෝගී කර ගැනේ. විවිධාකාරවූ චර්ම රෝග සඳහා අනිත්ත කොළ තම්බාගත් වතුරෙන් සේදීම, කොළ අඹරා ආලේප කිරීම හෝ යුෂ ආලේප කිරීම ගුණදායක ය. අමුකහ සමඟ යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය. චර්ම රෝග සඳහා අභ්‍යන්තරව අනිත මුල් කෂාය සහ මුල් සහ පත්‍ර අඹරා සාදාගත් කල්කය කුඩා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් උදේ සවස ගත යුතුය. සර්ප විෂට හා පත්තෑ විෂට අනිත්ත කොළ කොටා ලබා ගත් යුෂින් එම මුල් ගලගා දියකර කකාරා ගෑම හෝ අනිත් කොළ කහ, ලුණු දමා මලව බැඳීම සිදු කරයි. අනිත්ත මුල් යෙදූ කිරි කෂාය සේවනය කාමයන් උද්දීපනය කරයි.
අනිත්ත යුනානි වෛද්‍ය ශස්ත්රයේද චර්ම රෝග, උඳුගොව්වන් කෑම පණු කැවිලි ආදියට ප්රශස්ත ඔසුවක් සේ දක්වයි. ඉන්දියාවේ වෛද්‍යවරු එය රතිජනන ඖෂධයක් සේත්, මැඩගස්කර් වාසීහු සන්ධිපත් ඉදිමුමට ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා කරන බව සඳහන්.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘති
සේයාරූ_ අන්තර්ජාලයෙන්
![]() |
හීං අනිත්ත (Rhinacanthus polonnaruwensis) |
17 comments:
මේවායේ වටිනාකම නොදන්නා නිසා සමහර අය මේවා විනාශ කර දමනව..මෙසේ දැණුවත් කිරීම ඉතාම් නැදගත්..ස්තුතියි ..
ස්තුතියි ඔබට.
oyata godaak pin
ස්තුතියි
දමින්නා කියල බෙහෙත් ගස් වර්ගයක් ගැන දන්නවද?
ඔව් දමුණුවලට දමිණිය කියනවා උද්භිද නාමය Grewia damine. ඔසුවක් සහ පළතුරක්.
කොහෙන්ද හොයාගන්න පුළුවන්? කඩුවෙල, අතුරුගිරිය හෝ හෝමාගම අවටින්.
එ පැතිවල තියෙනවද දන්නේනෑ. ඔබට ෆේස්බුක් ගිණුමක් තියෙනව නම් අපගේ "ඔසුපැල හඳුනා ගනිමු" නැමැති සමූහයේ ඒ ගැන සඳහන් කරලා පොස්ටුවක් දාන්න. එහි සාමාජාකයො උදව් කරයි. එයින් ගහ ගැන වැඩි විස්තර දැන ගන්නත් පුලුවන්.
mata danaganna puluwanda aniththa lankawata awenika shaka dekei anith wargei wenasa gana research ekak karala thyanawada kyala
ඔව් තියෙනවා. ඔබගේ ඊ මෙල් ලිපිනය ලබාදුන්නොත් එවිය හැකියි.
senavirathnarox@gmail.com thawath podi udawwak mama sabaragamuwa university ekek iganaganne rsayana widyawa wishesha upadiyak karanne mage mini project ekata man karanna hithan inne lankawata awenika danata research karapu nathi medicinal tree ekakata chemical characterization ekak kaanna namuth mata ehema lankawe ayage asa nogiya medicinal plant ekak hamba une na sir oba ehema danna medicinal plant ekak tyanawanam mata poddak ewnawada loku udawwak obe pilithurata bohomathma sthuthi
aththatama oba karana me karya baraya ithama wishishtai mokada man me dawas tikata obe web adawiyen man nodanna ithawishala beheth palati wishala pramanayak adura gaththa
ඊ මෙල් එක බලන්න.
Kodu ata pelehi snayu therapimata ganna puluwan beheth warga dannawada?
Osu gana adyanata kamati.stuti obata
අනිත්ත පැල ගන්න තියෙනවාද..
Mata denaganna puluwanthe owshada පැලෑටි ටිකක්
Post a Comment