දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

Monday, December 26, 2016

විළඳවැන්න [Viladawenna] (Leucas biflora)

දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මෙම ශාකය විළඳවැන්න ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යා මූලාශ්‍රවල Leucas zeylanica ශාකය මෙන්ම මෙයද හඳුන්වා ඇත්තේ ගැටතුඹ නමිනි. ගැටතුඹ සහ මෙය එකම ගණයේ ශාක විශේෂ වුවද විළදවැන්න බිම දිගේ වර්ධනය වන වැලක් වන අතර ගැටතුඹ පොළවෙන් ඉහලට වර්ධනය වන කුඩා පැළෑටියකි. කුඩා හතරැස් කඳක් සහිත විළදවැන්න වැලක් මීටරයක් පමණ දුරකට වර්ධනය වෙයි. සම්මුඛව පිහිටන ඩෙල්ටාකර හැඩයකින් යුක්ත පත්‍රවල දෙපැත්තෙහිම සියුම් බූවක් පිහිටයි. සෙ.මි 3-4 දිගට වර්ධනය වන පත්‍රයක පත්‍ර දාරය කඩතොළු සහිතය. පත්‍ර පිහිටන ගැටය අසලින් අලංකාරවත් සුදු පැහැති මල් හට ගනී. පිපුණු මල් විළද (පොරි) මෙන් දර්ශනව වන හෙයින් විළදවැන්න නාමය යෙදී ඇත. දේශීය වෙදකමට අනන්‍ය ඖෂධීය ශාකයක් වන විළදවැන්න Lamiaceae උද්භිද කුලයට අයත් ය. 

විළඳවැන්න ශාකයේ ප්‍රකට ඖෂධීය භාවිතාව වන්නේ දේශීය වෙදකමේදී ළයවිරේක හෙවත් වමනකර්ම සඳහා යොදා ගැනීමයි. මීට අමතරව විළදවැන්න, පනම් පෙති, කොක් මොට, කරල්හැබ, මොණරකුඩුම්බිය, ඉරමුසු, හාතාවාරිය, ගිතෙල් තේ හැදි එකක් සහ සහිඳ ලුණු එක්කර සාදා ගත් කැඳ මාන්දම රෝගයට ප්‍රතිකාර ලෙස ලබා දෙන බව වෛද්‍යාචාරිණී අමා සේනානි මහත්මියගේ ලිපියක සඳහන්ව ඇත.  
Share:

11 comments:

Unknown said...

මෙයට ශංඛ පුෂ්ප කියනවාද? එසේ නැතිනම් ශංඛපුෂ්ප පැලෑටියේ පිංතූරයක් දමන්න.

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

ස්වාමීන්වහන්ස, විළඳවැන්න වලට නම් ශංඛපුෂ්ප කියන්නේ නෑ. ශංඛපුෂ්ප නමින් හඳුන්වන ශාක දෙකක් තියෙනවා. එකක් සුදු මල් පිපෙන විශ්ණුක්‍රාන්ත ප්‍රභේදයක්. අනෙක Canscora alata නම් උද්භිද නාමයෙන් හඳුන්වන සුදු මල් පිපෙන කුඩා දේශීය පැළෑටියක්. මෙහි අදහස් දැක්වීමේදී ඡයාරූප පල කිරීමට පහසුකම් නොමැති නිසා ඔබවහන්සේගේ ඉ මේල් ලිපිනය දුන්නොත් පින්තූර එවිය හැකියි.

Anonymous said...

දේශීය වෙදකමේ සදහන් විලද කුඩු ලබාගන්නේ මෙම ශාකයෙන්ද?
එසේ ලබා ශාකයේ කුමන කොටසද

අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lanka said...

විලඳ කියන්නේ වී පොරිවලට. එයට මේ ශාකයේ සම්බන්යධක් නෑ.

Anonymous said...

ස්තූතියි ☺️

Unknown said...

mewa koheda hedenne

Unknown said...

මෙම පැළෑටිය පිළිබඳව මගෙන් ස්වාමීන් වහන්සේ නමක් විමසීමක් කරා, අනුරාධපුර ප්‍රදේශයේ තියෙන බව කීවත් මම ඒ පැලෑටියක් නොහඳුනන බැවින් ඒ පිළිබඳව නිවැරදිව තොරතුරක් මට ලබාදෙන්න

Unknown said...

මෙම පැළෑටිය කොහෙද තියෙන්නේ..බෙහෙතක් සදහා ඉක්මනින් අවශ්‍යයි.

Ashan said...

මට එවන්න පුළුවන්ද

Unknown said...

විළද මී පැණි කියන්නේ මොනවාද

Unknown said...

විළද කියන්නේ

Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support