කැහිපිත්තන් කොළ මෙන් දියමිත්ත කොළද හීනිවට ඉරා ජලය ස්වල්පයක් මුසුකර පොඩිකිරීමේදී සෑදෙන උකු ද්‍රවණය මිදෙන්නට තබා අතුරුපසක් ලෙස කෑමට ගත හැකිය. එය ශරීරය සිසිල් කරන ගුණයෙන් යුක්තය. උණ, අතීසාර, ග්‍රහණි, අර්ශස්, විද්‍රධි (ගෙඩි, පිළිකා වැනි), ප්‍රදර, මුත්‍රඅඩස්සිය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී දියමිත්ත ශාකයේ කොළ, මුල් සහ සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී. දියමිත්ත මුත්‍රකාරක, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, කුසගිනි වඩවන, මව්කිරි ශෝධනය කරන ආදී ගුණයන් සහිතයි. පාඨා තෛලය දියමිත්ත යොදා නිපදවන ඖෂධයකි.
ඉරුවාදරයට දියමිත්ත මුල් චූර්ණය නස්‍ය කරයි. බෙලි මුල් සමඟ දියමිත්ත කෂාය දීම, අසමෝදගම් සමඟ දියමිත්ත කෂාය දීම සහ වැල්කහඹිලියා සමඟ දියමිත්ත කෂාය දීම අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාරයන්ය. අන්තර්විද්‍රධියට දියමිත්ත මුල් මී පැණියෙන් අඹරා හාල්පානු දියෙන් බොන්නට දෙයි. විෂ සහිත ඇතැම් ද්‍රව්‍ය ශරීරයේ තැවරුණු විට දියමිත්ත කොළ අඹරා ආලේප කිරීමෙන් විෂ නැසේ. ප්‍රදර අතීසාරයට දියමිත්ත කෂාය දීම, දියමිත්ත කොළ යුෂ මිදෙන්නට තබා කෑමට දීම, ගෙඳ පළා කොළ සහ දියමිත්ත කොළ කෑමට දීම ප්‍රතිකාරයන්ය. සහල් යොදා නිපදවන බීර (බියර්) වර්ග පැසීමට දියමිත්ත මුල් යොදා ගනී. මෙම කොළ පළාවක් ලෙස ද ආහාරයට එක් කර ගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහ
2 comments:
Very useful. Thanks.
ස්තූතියි
Post a Comment