කල් ගතවූ අතීසාර, රක්ත අතීසාරය, ප්‍රවාහිකා, ග්‍රහණි, රත්පිත්, රක්ත ප්‍රදර, ගර්භාෂගත රෝග, චර්ම රෝග, සර්ප විෂ, පිළිස්සුම්, වණ තුවාල ආදියට ප්‍රතිකාර කිරීමට තිඹිරි ශාකයේ කොළ, පොතු, ගෙඩි, මල්, බීජ සහ බීජ තෙල් ආදිය භාවිතා කරන බව සඳහන්. තිඹිරි සෙම් පිත් සමනය කරන, රුධිරය පිරිසිදු කරන, රුධිර වහනය වලක්වන ගුණ සහිත ඖෂධයක් ලෙස දක්වා ඇත.
තිඹිරි ගෙඩිවලින් තැනූ ක්වාතය මුඛ රෝග, ශ්වේත ප්‍රදර සහ ගර්භාෂ රෝග ආදිය සඳහා භාවිතා කරයි. තිඹිරි පොතු චූර්ණය බාහිර ලේ වහනය සඳහා ඵලදායී ඔසුවකි. අතීසාර හා ප්‍රවාහිකා යන රෝග සඳහා පොතු කෂාය, ඇට හා ඇට තෙල්ද භාවිතා කරයි. ලේ නරක්වීමට සහ රත්පිතට ක්වාතය සහ ඉදුණු ගෙඩි යොදා ප්‍රතිකාර කරයි. අතීසාරයට තිඹිරි පොතු ස්වරසය මී පැණි සමඟ දෙයි. තිඹිරි පොතු කෂායට ගිතෙල් යොදා සිඳගත් තෙල පිලිස්සුම් වණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. පිත්තජ අමාශ ක්ෂත රෝගයට තිඹිරි මල්, දඹ මල් දෙවර්ගයේ චූර්ණය ගිතෙලින් අඹරා මී පැණියෙන් අනා ලේහ කරයි. තිඹිරි කොළ හාල්පානු දියෙන් තම්බා බැඳීම සියළු වණ සඳහා යෝග්‍ය බව සඳහන්.
මූලාශ්‍ර_ ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
1 comments:
මේ තිඹිරි ගෙඩි 2,3 ක් ගන්න තියන්නෙ කොහෙද ලොකු හදිස්සියකට
Post a Comment