
අයුර්වේයේ සඳහන් දසමුල්හි භාවිතා වන සුළුපස් මුල්වලින් එකක් වන්නේ ශාලපර්ණී ය. ශාලපර්ණී (Desmodium gangeticum) අප රටට දේශීය ශාකයක් වුව ද එය වඳවීයාමේ තර්ජනය ලක්වී ඇති නිසා සොයා ගැනීම අපහසු කටයුත්තකි. එහෙයින් ශාලපර්ණී වෙනුවට දේශීයව යොදාගත හැකි සුදුසුම ශාකය (ප්‍රතිනිධිය) වන්නේ අස්වැන්නයි. එය ශාලපර්ණී අඩංගු ඕනෑම ඖෂධ යෝගයට භාවිතා කිරීමට සුදුසු බව දක්වා ඇත. අස්වැන්න ප්‍රතිනිධියක් ලෙස භාවිතා කිරීමට අමතරව දේශීයව අනන්‍ය භාවිතාවන්ද පවතී. ක්ෂය, ඉදිමුම්, ප්‍රමේහ, උණ, ඇදුම, විෂ පණු රෝග, කැස්ස, අතීසාර, අර්ශස්, වමනය, රුධිරගත රෝග, ශුක්‍ර රෝග, අභිඝාත, මුත්‍ර ගල් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අස්වැන්න සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී.
අස්වැන්න කිරි කෂාය හෘද රෝගීන්ට විශේෂිත වූ දේශීය කෂාය යෝගයකි. එය මුත්‍රකාරක සහ රුධිරය පිරිසිදු කරන ගුණ සහිත බැවින් හෘදයට හිතකර බව දක්වා ඇත. සුළු තැලීම්වලට අස්වැන්න මැල්ලුම යොදයි. එහිදී අස්වැන්න, අමුකහ, දියලුනු දමා කොටා මලවා බඳී. අක්මා රෝගීන්ට අස්වැන්න කොළ කැඳ ගුණදායක ය. අස්වැන්න මව්කිරි ශෝධනය කරන අතර වර්ධනය ද කරයි. ශාලිපර්ණ්‍යාදී ක්වාතය, සිද්ධාර්ථ තෛලය, මහා නාරායන තෛලය, අස්වැන්න මූලසාරය අස්වැන්න යොදා නිපදවන ඖෂධයන් ය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු
ඉහල සේයාරුව_ අන්තර්ජාලයෙන්
2 comments:
Godak wadagath Blog ekek.godak suthuthi
ස්තුතියි ඔබට
Post a Comment