සන්නිපාත අතීසාරය, රතගාය, සියළු ගඩු, පිටගැස්ම, හන්දි ආබාධ, තැළුම්, හිස කැක්කුම, කැඩුම් බිඳුම් ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මිල්ල ශාකයේ පොතු, කොළ, දළු, මල් ආදිය භාවිතා කරයි. මිල්ල ශාකයේ අරටුවෙන් ලබා ගන්නා කහ පැහැති වර්ණකය හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී බාහිර ආලේපනයක් ලෙස යොදා ගන්නා බව සඳහන් වේ.
අවහන්දියට මිල්ල පොතු, කැටකෑල පොතු, ඉඹුල් පොතු, කුකුරුමාන් කොළ, කහ, ලුණු සමග කොට මළවා බඳියි. ගඩුවලට, දොඬම් ගෙඩියක ඇස්ස කපා මිල්ල මල් දමා උණු අළුවෙන් තම්බා දොඬම් ඇඹුලෙන් අඹරා ගඩුවේ ගෑ යුතුය. හිසේ කැක්කුමට හා සන්නි රෝග සඳහා මිල්ල පොතු ඉස්ම සහ පොල් කිරි කකාරා බොන්නට දීම හා හිසේ ගැල්වීම සිදු කරයි. දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී මිල්ල පොතු පත්තු, ප්‍රලේප, මැල්ලුම් ආදීය සඳහා විවිධාකාරයෙන් භාවිතා කරයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
0 comments:
Post a Comment