
සව්කෙන්ද ශාකයේ ඖෂධීය භාවිතාවය ගැන දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි මෙලෙස දක්වා ඇත. "මෙම වර්ගයේ අල උනු අළු පල්ලේ තම්බා එළඟිතෙලෙන් අඹරා ලේ ගෙඩි පිට ගෑමෙන් ඒ ගෙඩි මොලොක් වී හොඳින් පැසවා ලේ සාරය ඇදී යයි". එමෙන්ම අස්ථි දිරීම, ඇටමිදුළු දියවීම, තුවාල, ඉදිමුම් ආදියට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන බව ආයුර්වේද පුවත්පතෙහි සඳහන් කර ඇත. සව්කෙන්ද වාතය සහ සෙම නසන, උත්තෙජක, මුත්‍රකාරක අදී ගුණ සහිතයි.
වෙනත් රටවල සව්කෙන්ද ශාකයේ කොළ සහ අල රසකාරක ලෙස භාවිතාකරන බවත්, කැස්ස අජීර්ණය, ආහාර අරුචිය, අර්ශස්, තැලුම්, ඉදිමුම්, ස්වසන ආබාධ, දියවැඩියාව, රුධිර නාලිකා සිහින්වීම, කම්බුල්ගාය, උදරාබාධ, රුධිර නාලවල මේදය තැන්පත් වීම පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් මෙහි අලත් අමතරව කොළත් යොදා ගන්නා බවත් විදේශීය මූලාශ්‍රවල සඳහන්ව ඇත.
මූලාශ්‍ර_ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය සහ අන්තර්ජාලයෙන්
සේයාරුව_ අන්තර්ජාලයෙන්
1 comments:
මේ මල් වර්ගය තියන තැනක් දන්නවානම් දැනුම් දෙන්න .
Post a Comment