බැලතණ පොළවෙන් මදක් ඉස්සී වැඩෙන ශක්තිමත් මූල පද්ධතියක් සහිත දේශීය තෘණ ශාකයකි. බීජයක් මගින් හට ගන්නා කුඩා පැළෑටිය බෙදෙමින්, නව පැළෑටි බිහි කරමින් පඳුරක් ආකාරයට වර්ධනය වේ. මි.මි 3-5 පමණ පළල පත්‍රයක් සෙ.මි. 10 දක්වා දිගට වර්ධනය වේ. පැළෑටිවල අග්‍රස්ථයෙන් දිග නටුවක් සහිත පුෂ්ප මංජරියක් හට ගන්නා අතර කහ කොළ පැහැයට හුරු මල් ඉතාමත් කුඩාය. බැලතණ Poaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.
කැඩුම් බිඳුම්, ඉදිමුම්, චර්ම රෝග ආදීයට ප්‍රතිකාර කිරීමේදී බාහිරවත්, මුත්‍ර අබාධ සහ අක්මා රෝග, ඉන්ෆ්ලුවෙන්සාව, ඇදුම, අධි රුධිර පීඩනය, සෙංගමාලය, උණ ආදී රෝග සඳහා සඳහා ප්‍රතිකාර කිරීමේදී අභ්‍යන්තරවත් සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. බැලතණ කැඩුම් බිඳුම් වෙදකමේදී යොදා ගන්නා මැල්ලුම් සඳහා සුලබව යෙදෙන ඖෂධයකි. උළුක්කු සහ තැළුම් සඳහා බැලතණ, අමුකහ, ලුණු කැට ස්වල්පයක් සමග කොටා මලවා බැඳීම පහසු ප්‍රතිකාරයකි. ඇතැම් විට එයට අඹ පොතු එක්කර ගැනීමද සිදු කරයි. ළපටි බැලතණ පැළෑටියේ යුෂ යොදා සිඳ ගන්නා තෙල් වාත රක්ත, තැලුම්, කැඩුම් බිඳුම්, රුදා ආදිය සමනය කිරීමට යොදා ගනී. බැලතණ කොළ තම්බා තේ මෙන් පානය කිරීමෙන් හොඳින් මුත්‍ර පිටවන බවත්, අමාශගත පීඩා ආදිය දුරුවන බවත් සඳහන් වේ. ඇතැම් රටවල සාගත කාල වලදී මෙම බීජ ආහාරයට ගන්නා බව සඳහන්. බැලතණ වේදනා නාශක, මුත්‍රකාරක, උණ නසන ගුණ සහිතයි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
4 comments:
Thank You ❤️❤️❤️
Usefull��
Thank you......
Thank you
Post a Comment