කුඩුවෙළඟ බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 15 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. මෙය හම්පිල්ලක / කම්පිල්ලක / හම්පරිල්ල ආදී නම්වලින්ද හඳුන්වයි. ගසේ රිකිළි, ළා දලු හා පුෂ්ප මංජරිය බූව සහිතය. රළු ස්වභාවයකින් යුක්ත පත්‍රයක් සෙ.මි. 7.5-15 අතර දිගැති ය. පත්‍රය අණ්ඩාකාර හෝ අණ්ඩාකාර-ලන්සාකාරය....
Wednesday, October 8, 2014
Tuesday, September 30, 2014
කීකිරිඳිය [Keekiridiya] (Eclipta prostrata)
තෙතමනය සහිත ස්ථානවල සුලභව හමුවන කීකිරිඳිය පැලෑටිය පොළවට සමාන්තරව මීටර් භාගයක් දක්වා දිගට වැඩෙන දුර්වල කඳක් සහිත දේශීය ශාකයකි. භූමිය මතුපිටට ඇලී වර්ධනය වන රතු පැහැති කඳේ ගැටවලින් පොළවට මුල් ඇදේ. පත්‍ර සහ කඳ සියුම් බූවක් සහිතය. පත්‍ර ඉලිප්සාකාර සිට ලංසාකාර විය හැකිය. පත්‍රයක්...
Saturday, September 27, 2014
කුඹුක් [Kubuk] (Terminalia arjuna)
ඉපැරණි සිංහල ග්‍රන්ථවල කුකුභ යනුවෙන් හඳුන්වා ඇති කුඹුක් මීටර් 25 ක් දක්වා ඉහලට අතු පැතීරි වැඩෙන දේශීය ශාකයකි. ආයුර්වේදයේ ප්‍රකට නාමය අර්ජුන ය. රෝස හෝ කොළ සුදු පැහැයට හුරු සිනිඳු පොත්ත පතුරු ලෙස ගැලවී ඉවත් වන ස්වභාවයකි. සරල පත්‍ර සම්මුඛව හෝ උප සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි....
Wednesday, September 24, 2014
කොටදිඹුලා [Kotadibula] (Ficus hispida)
කොටදිඹුලා මීටර් 5 පමණ උසට ලිහිල්ව අතු පැතිරී වැඩෙන දේශීය ශාක විශේෂයකි. දෙපසම රළු බූවක් සහිත පත්‍රයක් දිග සෙ.මි. 30 ක් සහ පළල සෙ.මි 15 දක්වා වර්ධනය වේ. පත්‍රයක හැඩය අණ්ඩාකාර හෝ ආයත විය හැකිය. සම්මුඛව පිහිටන පත්‍ර යටි පැත්තෙහි නහර මෙන් ඉල්පුණු පටලමය නාරටි පැහැදිළිව පෙනෙන්නට...
Sunday, September 21, 2014
කොත්තමල්ලි (Coriandrum sativum)

මෙය අඩි දෙකක් පමණ උසට වැඩෙන වාර්ෂික ශාකයකි. ගසේ කඳ ළා කොළ පාට හෝ දම් පාටය. ශාකයේ අතු බොහෝය. පත්‍ර ඒකාන්තරය. සංයුක්තය. ශාකයේ පත්‍ර දෙවර්ගයක් ඇත. පහළින් ඇති පත්‍ර වර්ගයේ නටු දිගයි. ඉහළින් තිබෙන පත්‍ර වර්ගයේ නටු ඉතා කෙටිය. මේ පත්‍ර ඛණ්ඩ යුගල දෙකකට හෝ තුනකට බෙදී ඇත. පත්‍ර ඛණ්ඩවල...
Thursday, September 18, 2014
කෝමාරිකා (Alove vera)
.jpg)
මෙය ඉතා ප්‍රකට ඖෂධයක් වන අතර අඩි 1-2 අතර උසට වැඩෙන ශාකයකි. එහි පත්‍ර නිර්වෘන්තකය. ඒවා සෙව්වන්දියක හැඩයට පිහිටා ඇත. පත්‍ර ඉතාම මාංසලය. සාමාන්‍යයෙන් සෙ.මි. 38 පමණ දිගය. පත්‍රයක් සෙ.මි. 7 1/2 පමණ පළලය. මි.මි. 19 ක් පමණ ඝනකම්ය. පාදයේ සිට අග්‍රය දක්වා පත්‍ර ක්‍රමයෙන් පටුවී යයි....
Monday, September 15, 2014
කොතලහිඹුටු [Kotalahibutu] (Salacia reticulata)

කොතලකෙමිය යනුවෙන්ද හඳුන්වන කොතලහිඹුටු පඳුරක් ලෙස වැවෙන දැඩි කඳක් සහිත කාෂ්ඨීය වැලකි. කඳ අළු පැහැයට හුරු සුදු පැහැතිය. ඉලිප්සාකාර හෝ අණ්ඩාකාර හැඩයක් සහිත පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍රයක දිග සෙ.මි. 12 ක් සහ පළල සෙ.මි. 5.5 ක් දක්වා වර්ධනය වේ.පත්‍රයේ උඩ පෘෂ්ඨය දිලිසෙන ස්වභාවයක්...
Friday, September 12, 2014
කොල්ලු (Dolichos biflorus)

මෙය වාර්ෂික ශාකයකි. තරමක් සෘජු අඩි 2-3 අතර උසැති කඳක් ඇත. ඇතැම් විට එය ආධාරකයක් මත එතී ඉහළට නගී. ශාකයේ පත්‍ර පක්ෂවත්ය. ත්‍රිපත්‍රීය. පත්‍රිකා සෙ.මි. 5 ක් පමණ දිගය. ආයතය. පත්‍ර කක්ෂවල පත්‍ර 1 ක් 2 ක් හෝ 3 ක් ඇත. නිපත්‍ර ලන්සාකාරය. පුෂ්ප මනිය ම්.මි. 5 ක් පමණ දිගැතිය. පරාගධානි...
Saturday, September 6, 2014
කූරතම්පලා [Kuratampala] (Amaranthus viridis)

ගැමි වහරේ කූර කොළ යනුවෙන් ද, දේශීය වෙදකමේදී සුලුකූර යනුවෙන් ද හඳුන්වන කූරතම්පලා සෙ.මි. 60 පමණ උසට සෘජු කඳක් සහිතව හෝ මුලින් අතු බෙදීගිය පඳුරක් ආකාරයට වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට මීටර් 1 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. තරමක් මංසල කඳ රතු පැහැයට හුරු...
Wednesday, September 3, 2014
කුප්පමේනිය [Kuppameniya] (Acalypha indica)
කුප්පමේනිය මීටර් 1 1/2 - 2 පමණ උසැති කුඩා සෘජු කඳක් සහිත වාර්ෂික පැලෑටියකි. රොම්බසාකර - ප්‍රත්‍යණ්ඩාකාරය හැඬයෙන් යුත් සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. සියුම් බූවක් සහිත පත්‍රවල ඉදිරිපස පත්‍ර දාරය කරපත්‍රිකය. කොළ පැහැති මල් ඒකලිංගිකය. පුමංගී සහ ජායංගී පුෂ්ප දෙවර්ගයම එකම පැළෑටියේ...