දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Monday, February 1, 2016

රණවරා [Ranawara] (Cassia auriculata)

මෙය මීටර් 3 ක් දක්වා ඉහලට පඳුරක් මෙන් වර්ධනය වන බහුවාර්ෂික ශාකයකි. පත්‍ර සම පක්ෂවත්ය. කර්ණාකාර හැඩයෙන් යුත් විශාල උප පත්‍ර රණවරා ශාකය හඳුනා ගැනීම පහසු කරයි. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා මල් තැඹිලි හෝ දීප්තිමත් කහ පැහැයකින් යුක්තය. පෙබරවාරි - මාර්තු මාසවලදී මල් පිපීම සිදු වේ....
Share:

Monday, January 25, 2016

කිරිහැන්ද [Kirihenda] (Celosia argentea)

මෙය මීටර්යක් පමණ ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. එතරම් ශක්තිමත් නොවන කඳ තරමක මාංසල ස්වභාවයක් ගනී. සෙ.මි 1 පමණ පළල පත්‍රයක් සෙ.මි. 5 -10 පමණ දිගට වර්ධනය වේ. ඇතැම් විට බොහෝ සෙයින් අතු බෙදෙමින් පඳුරක් ආකාරයට වර්ධනය වන අවස්ථාද දැක ගත හැකිය. මෙලෙස බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන්...
Share:

Monday, January 18, 2016

කතුරුපිල [Kturupila] (Tephrosia purpurea)

කතුරුපිල මීටරයක් දක්වා උසට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කුඩා ශාකයකි. බොහෝ සෙයින් අතු බෙදෙමින් වර්ධනය වන මෙහි නොමේරු කඳ කොළ පැහැතිය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍ර තලය සිනිඳුය. ශාඛාවන්ගේ අග්‍රස්ථයෙන් පුෂ්ප මංජරියක් හට ගනී. රෝස දම් පැහැති කුඩා මල් අලංකාරවත්ය. ඵලය කරලකි. කරලක...
Share:

Monday, January 11, 2016

බෝමි / සෙවෙල බෝමි [Boomi] (Litsea glutinosa)

බෝමි මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පොත්ත තුනීය. අළු හෝ අඳුරු ළා දුඹුරු පාටය. පොත්ත සෙවල සහිත බැවින් සෙවල බෝමී ලෙසද හඳුන්වයි. පත්‍ර සෙ.මි 15 දක්වා වරධනය වන අතර මේරු පත්‍ර තද කොළ පැහැයක් ගනී. පත්‍ර, ආයත-අණ්ඩාකාර හෝ ඉලිප්සාකාර හැඬයන්ගෙන් යුක්තය. ළපටි පත්‍රවල ඉතාමත් සියුම් බූවක් දක්නට...
Share:

Monday, January 4, 2016

කංකුං [Kankun] (Ipomoea aquatica)

කංකුං තෙතමනය ප්‍රිය කරන, පොළවට සමාන්තරව වැවෙන වැල් ශාකයකි. සරල පත්‍ර ආයත හැඬයක් ගනී. කඳ කුහරමය වේ. පත්‍ර කඳට සම්බන්ධවන ස්ථානවලින් පොළවට මුල් ඇදේ. මල් දම් පැහැතිය. සුදු පැහැති මල් හට ගන්නා වර්ගයක්ද කලාතුරකින් හමු වේ. මෙහි කොළ, දලු ආදිය ආහාරයට ගත හැකිය. මෙරට ගෘහණියන් කංකුං ඇඹුල,...
Share:

Monday, December 28, 2015

ඒකාවේරිය / සර්පගන්ධ [Ekaweriya] (Rauvolfia serpentina)

දේශීය ශාකයක් වන ඒකාවේරිය ඖෂධයක් වශයෙන් පමණක් නොව දේශීයව රත්‍රං නිස්සාරණය සඳහා යොදාගත් රසායන ද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කර ඇති බව "දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි" දැක්වේ. ඒකාවේරිය ශාකය මීටයක් පමණ ඉහලට වර්ධනය වන කුඩා බහුවාර්ෂික පැළෑටියකි. ලන්සාකාර පත්‍රයක් සෙ.මි. 7-13 පමණ වැඩෙන අතර ළා...
Share:

Tuesday, December 22, 2015

මහ උඳුපියලි [Maha Udupiyali] (Desmodium heterophyllum)

මෙය පොළවට සමාන්තරව වැවෙන කුඩා බහු වාර්ෂික ශාකයකි. ශාකය පුරාම සියුම් බූවක් දක්නට ලැබේ. පත්‍ර ත්‍රිපත්‍රි ය. පත්‍ර හට ගන්නා ස්ථාන හෙවත් ගැටවලින් පොළවට මුල් ඇදේ. මල දම් පැහැතිය. ඵලය කුඩා කරලකි. තරමක් විශාල පත්‍ර සහ අලංකාර පුෂ්ප මංජරියක් සහිත ඇත් උඳුපියලි (Desmodium heterocarpon)...
Share:

Thursday, December 17, 2015

බිංපොල් [Bimpol] (Trichopus zeylanicus)

බිංපොල් භූගත කඳක් සහිත කුඩා පැළෑටියකි. කඳ ළංව ඇහිරුණු පතනශීලී පත්‍රවලින් වැසී ඇත. පත්‍රවල හැඬය රේඛීය, ලන්සාකාර සිට ඩෙල්ටාකාර දක්වා පුළුල් පරාසයක දැකගත හැකිය. මල තදදම් පැහැතිය. දුඹුරු පැහැති මාංසල ඵලය ඉලිප්සීය, ත්‍රි කෝණික ආදී විවිධ හැඬයන්ගෙන් හමු වේ. මෙම ඵලය ආහාරයට...
Share:

Monday, December 7, 2015

යකිනාරං [Yakinaran] (Atalantia ceylanica)

යකිනාරං බොහෝ සෙයින් අතු බෙදෙමින් මීටර් 2 දක්වා උසට වර්ධනය වන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ආකාරයෙන් දැක ගත හැකිය. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොල පැහැයක් ගනී. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු පැහැතිය. ඵලය මංසල...
Share:

Monday, November 30, 2015

නිදිකුම්බා [Nidikumba] (Mimosa pudica)

නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයකි. ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර ස්පර්ශ සංවේදීය. එම නිසා නිදිකුම්බා යන නම යෙදී ඇත. පත්‍ර නටුවල සහ කඳෙහි තියුණු කටු පිහිටා තිබේ. පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල අලංකාරවත්ය. ඵලය බූව සහිත කරලකි. එක් කරලක් තුල බීජ 3-4 සංඛාවක් පිහිටා...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support