
මධුමේහ, ශුක්‍රමේහ, අක්ෂි රෝග, කාන්තා රෝග, පණු රෝග, කුෂ්ඨ රෝග, අතීසාරය, ශුක්‍ර දෝෂ, ස්වප්න මෝචනය, අණ්ඩ වෘද්ධිය, ඉදිමුම් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට රණවරා ශාකයේ කොළ, මල්, මුල්, පොතු ඇතුළු පස්පංගුවම භාවිතා කරයි. වියළි රණවරා මල් සහ මල් පොහොට්ටු යොදා තේ මෙන් සාදාගන්නා පානය විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට ගුණදායක වන අතර කාන්තාවන්ගේ සම පැහැපත් කරන බව සඳහන් වේ. වියළි රණවරා බීජ කුඩු කර දියවැඩියාවට සහ ඇස් රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී.
රණවරා ගසේ පස්පංගුව කෂායකර බීම සියලු ප්‍රමේහ රෝගයන්ට ප්‍රතිකාරයකි. රණවරා කොළ මැල්ලුම අනුභව කිරීමෙන් හා රණවරා ශාකයේ පංචාංගය කෂායකර කට සේදීමෙන් මුඛය දෙපස වණවීම සුව වෙයි. සිරුර පැහැපත් කර ගැනීම සඳහා රණවරා මල් අඹරා ඇඟ ගල්වයි. රක්ත ප්‍රදර වැනි කාන්තා රෝග සඳහා රණවරා මල් පොට්ටනියක් සකසා යෝනි මාර්ගයේ තැබීම සිදු කරයි. මෙම කොළ සහ පොතු යෙදූ මැල්ලුම භග්න අවස්ථාවන්ට යොදා ගනී.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය
සේයාරුව_ Kasun Kaushalya සොයුරාගෙන් සහ ඔසුපැල හඳුනා ගනිමු ෆේස්බුක් සමූහයෙන්