![]() |
මී මල් |
ගැමියන් පිපෙන අවස්ථාවේ දී නෙළා ගන්නා මී මල් භාවිතාකර රසවත් අතුරුපසක් වන මී මල් හැලප සාදාගනී. නැවුම් මී මල් මිරිකා ගැනීමෙන් හෝ මී මල් තම්බා මිරිකා සිඳුවා මී මල් පැණි සාදා ගත හැකිය. මී ඇටවලින් සිඳගන්නා මී තෙල් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද භාවිතා කරයි. පැරැන්නන් නිවෙස්වලට ආලෝකය සපයාගැනීම සඳහා මී තෙල් පහන් භාවිතා කර ඇත. මී තෙල් සිඳගත් පසු ඉතිරි වන පුන්නක්කු මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා ඖෂධ සෑදීම සඳහාත් සත්ව ආහාර ලෙසත් භාවිත කරයි. මී ගෙඩියේ ඇට ඉවත් කර පොත්ත රැස සිහින්ව කපා තම්බා දිය පෙර අගනා ව්යංජනයක් ද ගැමියෝ පිසගනී.
රක්තවාතය, චර්ම රෝග, වාත රෝග, අතීසාරය, ග්රහණි රෝග, ක්ෂය රෝගය, ඇදුම, මුත්ර අඩස්සිය, සර්ප දෂ්ටන, උගුරේ ආබාධ, කැඩම් බිඳුම්, ඉක්කා ආදී රෝග අවස්ථාවන් රැසක් සඳහා ප්රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග, වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක, මධුකාසවය, මී මල් යොදාගෙන නිපදවන ඖෂධයන් ය.
මූලාශ්ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
සේයාරු_ අන්තර්ජාලයෙන්
6 comments:
මි පුප් ලදිම්-දරු නොලදීම්
රන් කැටි පුතා කෝ කෝ ....
මේ විධියට පුංචි කාලේ කියවපු කතාවක් මතක් වුනා.. ඒ වගේම අපි පුංචි කාලේ අත්තම්මට ගෙදර නැතිවම බැරි වුනු මි ඇට තෙල්..පේශි වේදනාවන්ට, තැලුම් වලට කියාපු තෙල..අදටත් මගේ ලන්ඩන් ගෙදර මි ඇට තෙල් බෝතලයක් වරදින්නේ නැහැ..කාලෙකින් මි ගහක් දැක්කෙත් නැහැ..ඉස්සර අපේ ගමේ වෙල් යාය වටෙට්ටම තිබුනා..ඉථාඅ වටිනා මතක් කිරීමක්, බණ්ඩාර මහත්තයා ස්තූතියි..
Health is wealth
වටිනා අාහාර සංස්කෘතියක් තිබූ රටක්
ලංකාව මී ගස පර සතුරන් අතින් විනාශ වූ සම්පතක්
පුලුවනන් පරිසරේ වගාකරන්න අපිට බීජ ලබදෙනවද වටිනා දේවල් viber onli call 0710817976
පැරණි ශ්රී විභූතිය මනසින් වින්දෙමි.අපි ආයමත් ආපසු යමුද සේරමලා එකතු වෙලා
can you please tell me that මී පැළය cost in Sri Lanka , and do you guys buy these plants fro money ?
Post a Comment