කෝල, වලිප්පු, ඉලප්පු, කණ්ඩමාල, සර්ප විෂ, සෙම් රෝග, නියපිරිත්තාව ගව රෝග ආදියට ප්රතිකාර කිරීමට ප්රධාන වශයෙන් හිඟුරුපට වැලේ කඳෙන් ලබා ගන්නා යුෂ භාවිතා කරයි. එමෙන්ම දේශීය ගුලි , කල්ක ඇඹරීමේදී ස්වරසයක් ලෙස හිඟුරුපට යුෂ භාවිතයට ගනී. මෙම යුෂ සෙම ඉවත් කීම සඳහා යොදා ගත හැකි වඩාත් ප්රතිඵලදායී ඖෂධයක් ලෙස ද සැලකේ. සන්නි රෝග, සර්ප විෂ සහ ඇතැම් ගව රෝග සඳහා නස්න කීරීමේදී යෙදෙන ඔසුවකි. කරමල් උදර තෛලය, බටු තෙල, යමදේවරාජ තෛලය, ශ්වාසජ්වර තෛලය, සර්වවිෂාදී තෛලය, සන්නිව්රජාපාට ගුලිය ආදී ඖෂධ නිපදවීමටත්, බුද්ධරාජ ගුලිය, ශ්රී බ්රහ්මාදී රසය ආදියට අනුපානයක් ලෙසත් හිඟුරුපට යොදා ගනී.
මුඛ විරේකයට හෙවත් මුඛයෙන් සෙම ඉවත් කිරීමට සීනක්කාරම්, පල්මානික්කම්, අක්රපට්ටා, වැල්මි, ඉගුරු, ගම්මිරිස්, වදකහ, හරංකහ, පාටකහ යන මෙවා සහිඳ ලුණු ස්වල්පක් සමඟ හිඟුරුපට යුෂින් අඹරා ඇඹුල් දොඬම් බිකකට දමා මුඛයේ රුවාගෙන සිටීමෙන් සෙම වැගිරෙන බව සඳහන්. කණ්ඩමාල රෝගයට කුප්පමේණිය යුෂ, හිඟුරුපට යුෂ, මී පැණි, මයුරතුත්තන් (ශෝධනය කර ගත් පල්මානික්කම්) සමව ගෙන බීමට දිය යුතුය.
මෙයට අමතරව හිඟුරුපට ශාකයේ ඇති කසට ගුණය, බැක්ටිරියා සහ දීලිරනාශක ගුණය, ශීත ගුණ, උද්ධීපනකාරි ගුණ, ජීර්ණ ගුණ ආදිය නිසා විවිධ රෝගාබාධ සඳහා සාර්ථකව භාවිතා කළ හැකි ඔසුවක් බවට බොහෝ තොරතුරු අන්තර්ජාලය තුල හමුවෙයි. පිලිපීන සහ නේපාල ජාතිකයන් අතර ප්රසිද්ධ ඔසු ශාකයක් වන මෙහි ඇති දීලිර නාශක හැකියාව නිසා කෘෂිකාර්මික කටයුතු වලදී රෝග පාලනයට යොදා ගනී. එමෙන්ම උපත් පාලනය සහ විවිධ ස්ත්රි රෝග, නිතර දක්නට ලැබෙන උදර රෝග, ලියුකේමියා, අක්මා රෝග, ප්ලිහා රෝග සහ සෙම් රෝග සඳහාත් සාර්ථකව යොදා ගත හැකි ඔසුවක් බව සඳහන්. විදුරුමස් රෝග සඳහා පොතු තැම්බූ වතුර භාවිතා කරයි. එමෙන්ම අධික රුධිර වහනය, සමේ තුවාල, පොතුකබර වැනි සමේ ඇති වන අපහසුතා, තරබාරු ගැටලු, උගුරෙ අමාරු, සන්ධි වේදනා ආදියටත් භාවිතා කළ හැකි බවට තෙරුතුරු පවතී.
මූලාශ්ර_ ඔසුපැළ හඳුනා ගනිමු සමූහයේ පලවූ සංවාදයක් ඇසුරෙන්
විශේෂ ස්තුතියි_ ඔසුපැළ සමූහයේ විද්වතුන් ඇතුළු සැමට