මුරුවාදූල් යනුවෙන්ද හඳුන්වන මුුරුවා මීටර් දෙකක් පමණ දිගට වැවෙන ඝන බූවක් සහිත ඉතා ශක්තිමත් බහු වාර්ෂික වැල් ශාකයකි. හෘදයාකාර හැඩැති තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර තලය දිගින් සෙ.මි. 7-18 සහ පළලින් සෙ.මි. 6-16 දක්වා වර්ධනය වේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨයේ සිනිඳු බූවක්...
Sunday, August 5, 2018
Sunday, July 29, 2018
රුක්අත්න [Rukattana] (Alstonia scholaris)

රුක්අත්තන මීටර් 40 දක්වා උසට සෘජු කඳක් සහිතව වැඩෙන තරමක් විශාල වෘක්ෂයකි. අළු පැහැයට හුරු කඳෙහි මතුපිට පොත්ත සිනිඳු ය. ළපටි අතුවල වා සිදුරුවල සලකුණු දැක ගත හැකිය. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටයි. එක් ගොනුවක පත්‍ර 5-10 අතර සංඛාවක් දක්නට ලැබේ....
Sunday, July 22, 2018
මලලබු [Malalabu] (Piper umbellatum)
මලලබු දියසීරාව සහිත පරිසර පද්ධති ආශ්‍රිතව මීටර් 1-2 පමණ උසට වැඩෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 3 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. කඳෙහි පැහැදිළිව පෙනෙන පර්ව දැකගත හැකි වන අතර පර්ව දෙකක් අතර දී කඳ තරමක් අක්වක් (zigzag) ආකාරයක් ගනී. හෘදයාකාර හැඩැති පත්‍රවල පත්‍ර...
Sunday, July 15, 2018
රුක්අඟුණ [Rukaguna] (Alangium salviifolium)
අංකෝල යනුවෙන් ද හඳුන්වන රුක්අඟුණ පඳුරක්, කුඩා ශාකයක් හෝ මීටර් 20 දක්වා උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස වර්ධනය වේ. ඇතැම් විට රිකිලිවල අතු බවට විකරණය වන තියුණු නොවන කටු දැකගත හැකිය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය ආයත හෝ ආයත-ලංසාකාර වේ. පත්‍රයක දිග සෙ.මි. 6-15 දක්වා...
Monday, July 9, 2018
ගම්මිරිස් [Gammiris] (Piper nigrum)
ගම්මිරිස් පර්ව අසලින් ඇතිවන මුල් ආධාරයෙන් ශාකමත වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. කෙඳි සහිත කඳ අර්ධ කාෂ්ඨීමය ස්වභාවයක් ගනී. කඳ පර්ව අසලදී ඝන වී ශඛා ඇති කරයි. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි.8-18 සහ පළලින් සෙ.මි. 3.5-10 දක්වා වැඩේ....
Sunday, July 1, 2018
ලුණුවරණ [Lunuwarana] (Crateva adansonii)

ලුණුවරණ මීටර් 3-12 පමණ උසට වැඩෙන කුඩා පතනශීලී ශාකයකි. කලාතුරකින් මීටර් 20 පමණ උසට වැඩෙන අවස්ථාද දැක ගත හැකිය. පිට පොත්ත අළු පැහැතිය. දිගු නටුවක් සහිත ත්‍රිපත්‍රී සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. අග්‍රස්ථ පත්‍රිකාව දිගින් සෙ.මි. 5-12 දක්වා සහ පළලින් 2-6 දක්වා වර්ධනය වේ. පත්‍රිකාවල...
Sunday, June 24, 2018
ගැටකොළ [Getakola] (Exallage auricularia)
ගැටකොළ පර්වවලින් මුල් අදිමින් බිම දිගේ වර්ධනය වන කුඩා වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳ දම් පැහැතිය. පර්වවල රෝම පිහිටා තිබේ. සෙ.මි. 2.5-5 පමණ දිගු වන සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පත්‍ර හැඩය ඕවලාකාර, ලන්සාකාර හෝ රේඛීය-ලන්සාකාර ය. පත්‍ර දාරයේ ඉතා සියුම් කටු වැනි ව්‍යුහ පිහිටා...
Monday, June 18, 2018
මැඩහඟු [Medahagu] (Pergularia daemia)

දෙමළ භාෂාවෙන් වේලිපරිත්ති යනුවෙන් හඳුන්වන මැඩහඟු පඳුරුමය ශාක මත පැතිරී වැඩෙන කිරි සහිත කුඩා බහු වාර්ෂික වැල් ශාකයකි. කඳහි සුදු පැහැති බූවක් පිහිටයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර පුළුල් ලෙස අණ්ඩාකාර, හෘදයාකාර හෝ තරමක් වටකුරු හැඩයක් ගනී. පත්‍ර තලයේ උඩු පෘෂ්ටය සිනිඳු වන අතර යට පෘෂ්ටය...
Sunday, June 10, 2018
සේර [Sera] (Cymbopogon citratus)
සේර භූගත කඳක් සහ තන්තු මුල් රාශියක් සහිත බහු වාර්ෂික පෑළෑටියකි. රෛසෝමයෙන් ඇති වන ශාඛා රාශිය ගොනු වී පඳුරක ස්වරූපයකින් දර්ශනය වේ. දිගැටි සිහින් පත්‍ර රේඛීය හැඩයක් ගන්නා අතර පත්‍රයක් දිගින් සෙ.මි. 90 හා පළලින් සෙ.මි. 1.8 පමණ වේ. පත්‍රවල දෙපසම බූව සහිතය. සිලින්ඩරාකාර...
Sunday, June 3, 2018
වැල් බැබිල [Wel Bebila] (Sida cordata)
වැල් බැබිල සිහින් දුර්වල කඳක් සහිත, සෙ.මි. 50 පමණ දුරට බිම දිගේ වැඩෙන කුඩා පැළෑටියකි. පුරුක්වලින් මුල් ඇදෙමින්, කඳෙන් අතු බෙදෙමින් වැලක් ආකාරයෙන් පොළව වසාගෙන පැතිරී වැඩෙයි. ඇතැම් විට පොළවෙන් උඩට ඉස්සී වැලක් ලෙස වැඩෙන අවස්ථා ද දැකගත හැකිය. එ්කාන්තරව...