ඉඟිනි මීටර් 5 -15 අතර උසට වැඩෙන දේශීය බහුවාර්ෂික ශාකයකි. කළු පැහැති ඉරිතැලී ගිය පොත්ත රළු ස්වභාවයක් ගනී. සම්මුඛව පිහිටන සරල පත්‍ර දිළිසෙන සුලුය. පොකුරු වශයෙන් හට ගන්නා මල් සුදු පැහැතිය. සෙ.මි. 0.5 පමණ විශ්කම්භයක් සහිත කොළ පැහැති ඵලය ඉදුණු පසු කහ පැහැයක් ගනී. බීජ ළා කහ පාටට...
Wednesday, January 21, 2015
Sunday, December 21, 2014
නිල් අවරිය [Nil Awariya] (Indigofera tinctoria)

නිල් අවරිය මීටර් 2 ක් පමණ ඉහලට වැඩෙන කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් ලෙස ද දැක ගත හැකිය. ශාකයේ ළපටි කොටස් සුදු පැහැති බූවකින් වැසී පවතී. අසමපක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටන අතර පත්‍රිකා සම්ම්ඛව පිහිටයි. පත්‍රිකාවන්ගේ ඉහල පෘෂ්ඨය දීප්තිමත් කොළ පැහැතිය. යටි පෘෂ්යඨ රිදීවන්...
Friday, December 12, 2014
කාමරංගා [Kamaranha] (Averrhoa carambola)

දිව පිනවන රසවත් පලතුරු අතර කාමරංගාවලට හිමි වන්නේ සුවිශේෂී තැනක්. ශරීරය ප්‍රසාදනය කිරීමේ මනස ප්‍රබෝධවත් කිරීමේ මහඟු ගුණයක් පවතින කාමරංගා අයත් වන්නේ වාංගේරි (Oxalidaceae) කුලයට. වසරේ ජූලි, අගෝස්තු, දෙසැම්බර් සහ ජනවාරි යන මාස කිහිපය තුළ පල හටගන්නා කාමරංගා ශාකය පැණි කාමරංගා සහ...
Saturday, December 6, 2014
මුරුංගා (Moringa oleifera)

ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ...
Thursday, November 27, 2014
නීරමුල්ලිය / කටු ඉකිරිය [Neeramulliya / Katu Ikiriya] (Hygrophila schulli)

මෙය තෙත් හෝ ජලාශ්‍රිත ප්‍රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා ඇත. දිගැටි පත්‍රද බූව සහිතය. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇත. පෙති (දල) දම් නිල් පැහැතිය. ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවකි. මෙරට වියළි...
Friday, November 14, 2014
කොක්මොට [Kokmota] (Eriocaulon ceylanicum)

Eriocaulon උද්භිද ගණයට අයත් කොක්මොට යනුවෙන් හඳුන්වන දේශීය ශාක විශේෂ කිහිපයක් ඇති අතර එයින් ඖෂධීය ශාක සංග්‍රහයෙහි විස්තර කර ඇත්තේ අප රටට ආවේනික ශාකයක් වන Eriocaulon ceylanicum ගැනයි. එය 2012 රතු දත්ත පොතට අනුව වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස නම් කර ඇත. මෙයට අමතරව දේශීය උද්භිද...
Thursday, November 6, 2014
කොහොඹ (Azadirachta indica)

කොහොඹ ශක්තිමත් කඳක් හා විහිදී යන අතු සහිත අඩි 50-60 පමණ උසට වැඩෙන ශාකයකි. එහි පොත්ත දුඹුරු පාටය. ළපටි අතුවල පොත්ත සිනිඳුය. පත්‍ර තරමක් ළං ළංව පිහිටා ඇත. එවා පක්ෂවත්ය. එක් එක් පත්‍රයක ළා කොළ පාට සිනිඳු පත්‍රිකා ජෝඩු 2-8 දක්වා ඇත. පත්‍රයක අග්‍රස්ථ පත්‍රිකාවක් සහිතය. පත්‍රිකාවල...
Tuesday, October 28, 2014
කිහිරි (Acacia chundra)
අඩි 8-12 අතර උසැති මධ්‍යම ප්‍රමාණයේ ගසකි. එහි පොත්ත තද දුඹුරු පාටය. ළපටි රිකිලි දම් පාටය, සිනිඳුය, එහි කුඩා කටු ඇත. පත්‍රය සංයුක්තය. එක් එක් පත්‍රයේ පත්‍රිකා 40-60 දක්වා සංඛාවක් දක්නට ලැබේ. එම පත්‍රිකාවක් අඟල් 1/2 පමණ දිගය. ළං ළංව පිහිටා ඇත. සැප්තැම්බර් මාසයේ මෙම ශාකයේ මල්...
Friday, October 24, 2014
කොටිකන් බැබිල (Sida rhombifolia)

අඩි දෙකක් පමණ උසට වැවෙන බහුවාර්ෂික ශාකයකි. ගස සෘජුය. බොහෝ අතු සහිතයි. අතුවල තාරකාකාර කේශර පිහිට ඇත. පත්‍රයක් අඟල් 1- 1 1/2 අතර දිගැතිය. පත්‍ර දාරයේ පහළ කොටස සම්පූර්ණය. ඉහළ කොටස දන්තූර කරපත්‍රිකය. පත්‍රයේ උඩු පැත්ත සිනිඳුය. යටි පැත්ත තරමක් බූව සහිතයි. මල් තනි තනිව කක්ෂවල පිපේ....
Monday, October 20, 2014
කිරිපළු (Buchanania axillaris)

මෙය මධ්‍යම ප්‍රමාණයේ දේශීය බහුවාර්ෂික ශාකයකි. සාමාන්‍යයෙන් අඩි 10-15 අතර උසැතිය. මෙම ශාකයේ ළපටි කොටස් සිනිඳුය. පත්‍ර සරලය. අඟල් 3-6 දක්වා දිගැතිය. ඒවායේ හැඩය ආයතය. පත්‍ර චර්මලය, සිනිඳුය, දිලිසෙන ස්වභාවයෙන් යුක්තය. පත්‍ර අග්‍රය තීව්‍රය. සම්පූර්ණය. පුෂ්ප කුඩාය, ද්වීලිංගිකය, සුදු...