
පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප කහ පැහැතිය. ඵලය ඉතා කුඩා වටකුරු ඔවලාකාර ස්ඵෝටිකාවකි. මෙම ශාකය සඳහා සුලභව ව්‍යවහාර කළ තවත් නමක් වන්නේ "ගස් නිදිකුම්බා" යන්නයි. එහෙත් වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාට අනුව ගස් නිදිකුම්බා යනු මෙම උද්භිද ගණයටම අයත් වෙනත් ශාක විශේෂයකි. එහි විශේෂත්වය වන්නේ අතු බෙදී පැවතීමයි. මෙම ශාකය ද අතුළුව මේ හා සමාන ලක්ෂණ සහිත මෙම උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ 5 ක් ලංකාවෙන් වාර්තා වී ඇත. Biophytum විශේෂ Oxalidaceae උද්භිද කුලයට අයත්ය.
උදරාබාධ, අතීසාර, අර්ශස්, ග්‍රහණි, දියවැඩියාව, ඇඳුම,පීනස, මෟත්‍ර පද්ධතිය ආශ්රිත රෝග, සැරව ගෙඩි, තුවාල, නාග විෂ, සමේ රෝග, මුත්‍ර ගල්, නින්ද නොයාම, ගොනෝරියාව, පුයාමේහ, ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය පැළෑටිය භාවිතා කරන බව සඳහන්. හීං නිදිකුම්බා කඵ සමනය කරන, ආමපාචක, ශ්ලේෂ්මලහර, වෙදනා නසන, වණ ශෝධනය කරන, වාතය නසන ගුණ සහිතයි.
පීනසට මෙම ශාකය කැපූ විට ගලන ස්රාවය නස්‍ය කරයි. හීංනිදිකුම්බා ශාකය සහමුලින් ගෙන තැම්බූ වතුරින් සේදීමෙන් කුෂ්ඨ, කරප්පන් ආදී සමේ රෝග සුව වෙයි. සම්පූර්ණ ශාකය වියළා කෂාය කර බීම අධික රුධිර පීඩනයට ප්‍රතිකාරයකි. මෙම ශාක කොටස් යෙදූ කෂාය ළදරු අතීසාරයට බොහෝසේ ගුණදායක බව කියැවේ. ලේ අතීසාරයට සහ මුත්‍ර පිටකිරීම පහසුකිරීමට ද හීං නිදිකුම්බා යොදා ගනී. හීං නිදිකුම්බා දළු රසවත් ගුණවත් ව්‍යංජනයක් ලෙස පිසගත හැකිය.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ වෙනත්
පහල සේයාරුව_ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන්
0 comments:
Post a Comment