මෙය පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික වැල් ශාකයකි. පැතුරුණු මූල පද්ධතියක් සහිතව බෙහෝ සේ අතුබෙදෙමින් වර්ධනය වේ. ඔවලාකාර හෝ මඳක් වටකුරු සරල සම්මුඛ පත්‍ර පිහිටා ඇත. පුෂ්ප ද්වීලිංගිකය. මල් දීප්තිමත් දම් පැහැයට හුරු රෝස පැහැයකින් යුක්තය. වසර පුරාම මල් හටගනී. ඵලය සෙ.මි. 0.3 පමණ වන අතර පටලමය වේ. මෙම පැළෑටිය ඖෂධයකට වඩා ආහාරයක් ලෙස ප්‍රකටය. සුදු හා රතු යනුවෙන් ප්‍රභේද දෙකකි. සාරණ Nyctaginaceae කුලයට අයත්ය.
මුත්‍ර අඩස්සිය, මුත්‍රා ගල්, උණ, ඉදිමුම්, අක්ෂි රෝග, කුෂ්ට, නින්ද නොයාම, මී විෂ, ගෝනුසු විෂ, සෙංගමාලය, උදරාබාධ, පාණ්ඩුව, අක්මාවේ රෝග, අර්ශස්, අතීසාරය, පණු රෝග, ලාඳුරු ආදී රෝගාබාධ බොහෝමයක් සදහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් සාරණ මුල් හා ඇතැම්ව්ට සම්පූර්ණ ශාකයමත් ඔසු සෑදීම සඳහා භාවිතා කරයි. සාරණ විෂ නාශක, සෙම් නාශක, වේදනා නාශක, කුසගිනි වඩවන, මුත්‍රකාරක, විරේචක, ලේ වඩවන, වාජීකරණ ආදී ගුණයන්ගෙන් සමන්විතයි.
0 comments:
Post a Comment