කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති වන අතර ගෙඩි ඉඳුන විට සුදු පැහැයක් ගනී. කටුපිල ශාකය Euphorbiaceae කුලයට අයත් ය.
කටුපිල බඩවැලේ සෑදෙන රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. පිළිකා සඳහා කටුපිල කොළවලින් සාදා ගන්නා කැඳ ගුණදායකය. ස්ත්‍රින්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිලවල ඇති බව සඳහන් වේ. එමෙන්ම දත්කැක්කුම, යටිපතුලේ හට ගන්නා කටුපිළිකා, කුඩා දරුවන්ගේ රතගාය, පිලීහාවේ සහ අක්මාවේ හට ගන්නා රෝග, මී විෂ, සර්ප විෂ, කැස්ස, ඇදුම, අණ්ඩ වෘද්ධිය, රක්ත අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කටුපිල යොදා ගනී. කටුපිල ශාකයේ කොළ, පොතු, මුල් සහ පංචාගයම එකවරත් ඔසු සඳහා භාවිතා කරයි.
කටුපිල කොළ, ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිමෙන්නට හැර මී පැණි අනුපාන වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි, වණ, තුවාල, ලප සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. කටුපිල කොළ මෙන් අඩක් කංසා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය දීම රක්ත අර්ශස් රෝගයට ප්‍රතිකාරයකි. යටිපතුලේ් හට ගන්නා පිළිකාවන්ට කටුපිල ගසේ පංචාංගය කහ සහ ලුණු සමග කොට මලවා බැඳීම සිදු කරයි. කටුපිල කොළ පොතු, දිවුල් ලාටු, කුකුරුමාන් කොළ පොතු සහ ලණු දමා කොටා බැඳීමෙන් කටුපිලිකය සුව වෙයි. කටුපිල විශබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන් යුක්තයි.
මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය සහ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
3 comments:
☺
Very important
Thank you for the information 😊
Post a Comment