රත් කෑලිය ලංකාවට ආවේනික ශාකයක් වන අතර බොහෝ විට මධ්‍යම කඳුකර ප්‍රදේශයන්හි පමණක් දැකගත හැකිය. මීටර් 5 පමණ උසට වැඩෙන ශාකයක් වන මෙහි ශාකය පුරාම සියුම් බූවක් ඇත. මෙහි දලු සහ ළපටි අතු රත් පැහැයකින් දක්නට ලැබේ. කොළ පැහැති ඵලය සෙ.මි. 0.5 පමණ විශ්කම්භයකින් යුක්ත වන අතර ඉඳුණු විට කළු පාටට හුරු තද රතු පැහැයකට හැරේ. එක් ඵලයක් තුල එක් බීජයක් පමණක් දක්නට ලැබේ. බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ. රත් කෑලිය Lauraceae කුලයට අයත් ශාකයකි.
ස්නායු රෝග, ගඩු, විසප්පු ආදියට ප්‍රතිකාර කිීරීම සදහා මෙම ශාකයේ පොතු භාවිතා කරන බව සඳහන් වේ. ස්නායු උත්තේජනය කිරීමේ සහ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධී වීමේ ගුණයන් සහිතයි.
0 comments:
Post a Comment