දේශීයව ඉත්ත / ඉත්තෑ යනුවෙන් හඳුන්වන එකම ගණයට අයත් ශාක විශේෂ දෙකක් ඇති අතර සුලබව හමුවන්නේ මෙම Schefflera stellata නම් ශාකයයි. Schefflera hererobotrya නම් අනෙක් විශේෂය අප රටට ආවේනික වූවකි. ඉත්තෑ පඳුරක් ලෙස වැවෙන බහුවාර්ෂික ශාකයකි. බොහෝ විට ගල් පර්වත ආශ්‍රිතව දැක ගත හැකිය. පාණිවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ය. පත්‍ර සහ කඳ අඳුරු කොළ පැහැයෙන් යුක්තය. අලංකාර පුෂ්පමංජරියක හට ගන්නා මල් ලා කහ පැහැතිය. කොළ පැහැති ළපටි ගෙඩි මේරිමත් සමග තැඹිලි, රතු වර්ණයන්ට හැරේ. ඉත්තෑ වැල් යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය Araliaceae කුලයට අයත් ය.
මෙහි කොළ විෂ වෙදකම, කැඩුම් බිඳුම්, චර්ම රෝග, ආතරයිට්ස්, ඇදුම, අධික රුධිර වහනය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මවක් දරුවකු ලැබුණු පසු ඖෂධීය ශාක වර්ග කීපයක කොළ තම්බා එම වතුරින් නැහැවීම හෙවත් "කොළ වතුර නැහැවීම" සඳහා ද ඉත්තෑ කොළ යොදා ගනී. මෙම කොළ මස්පිඩු ලිහිල් කිරීමට උපකාරී වේ. වේදනා නාශක ගුණ සහිතයි.
2 comments:
ශ්‍රේශ්ඨයි
ඉතාමත් වටිනව මේවැනි දැනුවත් කිරීම් බොහොම ස්තූතියි
Post a Comment