ඉන්දියානු ආයුර්වේදයේ එන "පර්පටක" සඳහා මෙරටදී භාවිතා කරන ප්‍රමුඛ ශාක දෙකෙන් එකක් වන්නේ පත්පාඩගම්ය. දේශීය ශාකයක් වන මෙය වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල පත්පාඩගම් යනුවෙන් හඳුන්වා තිබුන ද මෙරට උද්භිද විද්‍යා මූලාශ්‍රවල හඳුන්වා ඇත්තේ "වල් පත්පාඩගම්" නිමිනි. පැපිළිය යනුවෙන්ද හඳුන්වන...
Monday, July 13, 2015
Thursday, July 9, 2015
රතු කිඹුල්වැන්න [Ratu Kibulwenna] (Persicaria barbata)

මෙම Persicaria barbata ශාකය හරුණු විට රතු කිඹුල්වැන්න නමින් හඳුන්වන තවත් ශාක ඇත. මෙය සුදු කිඹුල්වැන්න ශාකයට යම් තරමකින් සමානකමක් පෙන්වයි. බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි කඳ රතු / දුඹුරු පැහැයක් ගන්නා අතර...
Monday, July 6, 2015
හීං තඹල [Heen Tabala] (Ehretia microphylla)
හීං තඹල මීටර් දෙකක් පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහුවාර්ෂික ශාකයකි. බෙදීගිය කුඩා කෙටි අතු රාශියකින් සමන්විත ශාකයේ රළු බුවකින් යුක්ත දිළිසෙන සුළු කුඩා පත්‍ර රැසක් හටගනී. සරල පත්‍ර ගොණු වශයෙන් පිහිටා තිබේ. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර සිට අායත-ප්‍රත්‍යණ්ඩාකාර වේ. පත්‍රයක්...
Wednesday, July 1, 2015
හීංබෝවිටියා [Heen Bovitiya] ( octandra)
හීංබෝවිටියා බොහෝ සේ අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන අප රටට ආවේනික කුඩා බහුවාර්ෂික ශාකයකි. අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින්...
Sunday, June 28, 2015
සුදු කිඹුල්වැන්න [Sudu Kibulwenna] (Persicaria attenuata)
මෙය බොහෝ විට තෙතමනය සහිත පරිසරයක පොළවට සමාන්තරව වැවෙන පැළෑටියකි. කුඹුරු ආශ්‍රිතව බහුලව හමුවේ. මෙහි දිගැටි පත්‍රයක් සෙ.මි. 20 දක්වා දිගට වර්ධනය වේ. බෙදී ගිය ශාඛාවන්ගේ අග්‍රස්ථයන්ගෙන් සුදු පැහැති මල් සහිත පුෂ්පමංජරියක් හට ගනී. එයින් ඇතිවන ඉතා කුඩා ඵලයන් තුල ඇති බීජ මගින් සහ අතු...
Thursday, June 25, 2015
සාරණ / පිටසුදු සාරණ [Sarana] (Boerhavia diffusa)
මෙය පොළවට සමාන්තරව වැවෙන වාර්ෂික වැල් ශාකයකි. පැතුරුණු මූල පද්ධතියක් සහිතව බෙහෝ සේ අතුබෙදෙමින් වර්ධනය වේ. ඔවලාකාර හෝ මඳක් වටකුරු සරල සම්මුඛ පත්‍ර පිහිටා ඇත. පුෂ්ප ද්වීලිංගිකය. මල් දීප්තිමත් දම් පැහැයට හුරු රෝස පැහැයකින් යුක්තය. වසර පුරාම මල් හටගනී. ඵලය සෙ.මි. 0.3 පමණ වන...
Monday, June 22, 2015
බිංතල් [Bintal] (Curculigo orchioides)
බිංතල් භුගත කඳක් (අලයක් / ආකන්දයක්) සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. මාංසල වූ පාර්ශවික මුල් දරන කෙටි හෝ දික් වූ අලටියක් දරයි. නිර්වෘන්ත හෝ කෙටි වෘන්තයක් සහිත සරල පත්‍ර පිහිටා ඇත. පත්‍ර රේඛීය හෝ රේඛීය-ලන්සාකාරය. මල් දීප්තිමත් කහ පැහැයකින් යුක්තයි. ඵලය ස්ඵෝටිකාවකි. එක් ඵලයක්...
Friday, June 19, 2015
හීං නිදිකුම්බා [Heen Nidikumba] (Biophytum reinwardtii)

පෙර කල දඩින්නරු යන නාමයෙන් හඳුන්වා ඇති හීං නිදිකුම්මා සෙ.මි. 15 ට වඩා උසට නොවැඩෙන, කෙටි සෘජු රත්පැහැ කඳක් සහිත වාර්ෂික පැළෑටියකි. සම පක්ෂවත් සංයුක්ත පත්‍ර කඳ අග්‍රයේ ගොනුවී කිරීටයක් මෙන් විහිදී ඇත. පත්‍ර ඉක්මවා ඉහලට වැඩෙන ප්‍ුෂ්ප මංජරියක හට ගන්නා ද්වීලිංගික පුෂ්ප...
Wednesday, June 17, 2015
කටුපිල [Katupila] (Flueggea leucopyrus)
කටුපිල මීටර් 4 දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි. පොත්ත අළු හෝ සුදු පැහැතිය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඔවලාකාර හැඬයක් ගනී. මල් කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කලඹ සේ හට ගනී. මි.මි 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති...
Friday, June 12, 2015
දත්කැටිය [Dathketiya] (Ophiorrhiza mungos)
තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය සෙ.මි. 30 පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි. සෘජු සිලින්ඩරාකාර කඳ කොළ පැහැතිය. අඳුරු කොළ පැහැති සරල පත්‍ර සම්මුඛව පිහිටයි. සෙ.මි. 8-15 පමණ වන පත්‍ර ලංසාකාර හැඩැති ය. පත්‍ර තලයේ යටිපස ළා කොළ පැහැති ය. තිරස්ව විහිදෙන බහු...