දේශීයව ඇටඹුරු යනුවෙන් හඳුන්වන ඖෂධ පිණිස ගන්නා ශාක විශේෂ දෙකක් හමුවෙයි. මෙම ලිිපියෙහි විස්තර වන ශාකයට අමතරව Opiliaceae උද්භිද කුලයට අයත් Cansjera rheedii නම් තියුණු නොවන කටු සහිත කාෂ්ඨීය වැල් විශේෂයද ඇටඹුරු යනුවෙන් හඳුන්වා ඇත. මෙම විශේෂ දෙකටම ඇටමුරු යනුවෙන්ද ව්‍යවහාර කරයි. මෙහි සඳහන් වර්ගය බොහෝ විට ආධාරයක ශාකයක් මත හෝ පර්වත පැළුම් ආශ්‍රිතව පඳුරක් ලෙස වැවෙන බහුවාර්ෂික ශාකයකි. පත්‍ර තරමක මාංසල ස්වභාවයක් ගනී. ලා කහ පැහැති අලංකාරවත් මල් පුනීලාකාර හැඩයෙන් යුක්ත ය. අළු පැහැති ඵලය කුරුල්ලන් වැනි සතුන් ආහාරයට ගැනීමෙන් විසිරී යන බීජ මඟින් ව්‍යාප්තිය සිදු වේ. මෙම ශාකය Opiliaceae කුලයට අයත් ය.
ඇට්ටමුරා දේශීය වෙදකමට අන්‍යවූ ඖෂධයකි. පැරණි දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී කැඩුණු ඇට පෑස්සීමට ගන්නා ප්‍රධාන ඖෂධය බව කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගේ දේශීය වෛද්‍ය ශබ්දකෝෂය කෘතියෙහි සඳහන්වේ. ඇට්ටමුරා තිස්පෑ හන්දි බෙහෙතට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යයකි. එමෙන්ම දේශීය කැඩුම් බිඳුම් වෙදකමේදී තෙල්, පත්තු, මැල්ලුම් ආදී සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගැනේ. ගැමියෝ මෙම කොල තම්බා ආහාරයට ගෙන ඇත. ඇට්ටමුරා වාත නාශක ගුණ සහිතයි.